රුපියල් කෝටි 15ක රත්‍රන් සමඟ සැකකරුවෙක් කොටු වෙයි | දිනමිණ

රුපියල් කෝටි 15ක රත්‍රන් සමඟ සැකකරුවෙක් කොටු වෙයි

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුතු රත්‍රන් කිලෝග්‍රෑම් 07ක් නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අද (08) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි
 
කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත
 
ඔහු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකු වන අතර  සැකකරු අද උදෑසන 09.20ට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙයි
 
එහිදී මෙම සැකකරු පරීක්ෂා කිරීමේ දී සැකකාර ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ පාර්සල් 08ක් ලෙස සකස්කර එම රත්‍රන් තොගය සඟවා ගෙන සිටිය දී සොයා ගෙන ඇත
 
එම රත්‍රන් තොගය, කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 400ක් බර රන් බිස්කට් 42ක් සහ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 600ක් බර ස්වර්ණාභරණ තොගයකින් ද සමන්විත බව වාර්තා වෙයි.
 

නව අදහස දක්වන්න