වටරැක බස් නැවතුමක් මතට ගසක් කඩා වැටිලා | දිනමිණ

වටරැක බස් නැවතුමක් මතට ගසක් කඩා වැටිලා

පාදුක්ක සහ මීගොඩ අවට ප්‍රදේශවලට ඉකුත් 11 වැනිදා පස්වරුවේ පැවති දැඩි සුළඟ සහ අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වටරැක ප්‍රදේශයේ බස් නැවතුමක් මතට ගසක් කඩා වැටීම නිසා හානි සිදුවී ඇති අතර, ඒ අවස්ථාවේ මාර්ගයේ ධාවනය වූ බස් රථයකටද සුළු හානි සිදුවී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මෙම අනතුර නිසා විදුලි රැහැන් පද්ධතියට සහ විදුලි කණුවක්ද කඩා වැටී තිබූ අතර, මගී ආවරණයද සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබුණි. සිද්ධියෙන් සුළු වේලාවකට පසුව විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස් සහ මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව මාර්ගයට වැටී තිබූ ගස ඉවත් කර, මාර්ගයේ රථවාහන ධාවනයට ඉඩ කඩ සලසා දීම සිදු කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

මීගොඩ - බුද්ධික කුමාරසිරි

නව අදහස දක්වන්න