ඝාතනය කර වලදමා තිබූ ගම්පොළ තරුණියගේ සිරුර ඥාතීන් හඳුනාගනී | දිනමිණ

ඝාතනය කර වලදමා තිබූ ගම්පොළ තරුණියගේ සිරුර ඥාතීන් හඳුනාගනී

ඝාතනය කර වළදමා තිබූ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා තරුණියගේ සිරුර ඇයගේ ඥාතීන් හදුනාගැනීමෙන් පසු ගොඩ අද ගොඩ ගෙන 
 
ඇයගේ ඝාතකයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
ෆාතිමා පසුගිය 07වැනිදා සිය නිවසෙන් පිටව ගියේ සේවා ස්ථානයට යන බව සදහන් කරමින්ය. බස්ගාස්තුව ලෙස ඇය සිය මවගෙන් රුපියල් 100ක මුදලක් ද ලබා ගනිමින් මෙසේ පාගමනින් ගමන්කර තිබේ. ඇය එසේ ගමන් කරන ආකාරය නිවසට මිටර් 100ක් පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සීසීටීවී කැමරාවලද සටහන්ව ඇත.
 
ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකවන අතරතුර ගම්පොල පොලිසියේ අපරාධ අංශයේ සේවය කරන පොලිස් පරික්ෂක ජයන්ත මහතා වෙත විදේශයක සිට ඇමතුමක් ලැබී තිබේ. එයින් කියවුණේ අතුරුදන් වූ තරුණිය ඇල්පිටියේ අහමඩ් යන අය සමග ගම්පොලවෙල ප්‍රදේශයේ නිවසක සිටින බවයි. ඒ අනුව අදාළ නිවස වටලා අහමඩ් නමැති සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ. 
 
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙලිවුණේ තරුණියට අතවර කිරීමේ අරමුණෙන් තමන් ඇය අසළ පිහිටි කැලෑබද පොල්වත්තකට රැගෙනයාමට උත්සාහ කළ බවයි. එහෙත් ඇය එයට විරුද්ධ වීම හේතුවෙන් ඇගේ ගෙල මිරිකූ බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. තරුණිය පොල්වත්ත තුලට රැගෙන ගොස් උදැල්ලකින් වලක්හාරා එයට ඇය ඇද දමා වළ වැසූ බව අහමඩ් වැඩිදුරටත් කියා ඇත.
 
මේ අනුව ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා ඉදිරියේ ඇයගේ සිරුර ගොඩගැනීම සිදුවිය. මියගිය තරුණියගේ පියා, මව මෙන්ම සහෝදරයෙකුද එම අවස්ථාවට එක්වූ අතර ඔවුන් තරුණියගේ සිරුර හදුනාගත්තේය. එම වළතුල තිබී ෆාතිමාගේ ගමන් බෑගය, නිවසින් රැගෙනගිය දහවල් ආහාරවේල මෙන්ම, රුපියල් 13ක මුදලක් ද සොයා ගෙන ඇත. ඇගේ ජංගම දුරකතනය ද මෙහිතිබී සොයා ගැනුණි. කෙසේ වුවද බස් ගාස්තුව ලෙස මව ලබාදුන් රුපියල් 100ක මුදල එහි නොතිබූ බව හෙළිව ඇත. 
 
පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා සිරුර මහනුවර ජාතික රෝහලට රැගෙනයාම සිදුවුණි.
 
මෙම ඝාතනයේ සැකකරුවන අහමඩ් නමැත්තා වාහන පින්තාරු කිරීමේ නිරත වෙමින් එළුවන් හා කුකුලන් ඇතිකරන වයස අවුරුදු 24ක පුද්ගලයෙකි. එළුවන්ට කොළ අතු කැපීමට යන අයුරින් පිහියක්ද රැගෙන ඔහු තරුණිය පසුපසින් ගමන් ගන්නා ආකාරය සිසීටීවි කැමරාවේ සටහන්ව තිබුණි. 
 
තරුණිය ගෙලිඔය ප්‍රදේශයේ ඖෂධහලක සේවය කරමින් සිට තිබේ.

නව අදහස දක්වන්න