උණ නිෂ්පාදනවල ගැටලු ලිහා කර්මාන්තයක් විදියට ප්‍රවර්ධනයට සාකච්ඡාවක් ඕනෑ | දිනමිණ

උණ නිෂ්පාදනවල ගැටලු ලිහා කර්මාන්තයක් විදියට ප්‍රවර්ධනයට සාකච්ඡාවක් ඕනෑ

නුවන් කොඩිකාර

උණ ගස ආශ්‍රිත නිෂ්පාදනවලට පවතින ගැටලු නිරාකරණය කර, කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අදාළ සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ වන පුළුල් සාකච්ඡාවක් කඩිනමින් පැවැත්විය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Òශ්‍රී ලංකාවේ උණ සහ වේවැල් භාවිත කරන්නන්ගේ සංසදයÓ පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. කර්මාන්තයක් ලෙස උණ සහ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට නම් පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවත් තිරසර සංවර්ධන ඉලක්ක සහිත දීර්ඝ කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා සංසදයට දැනුම් දුන්නේය.

රජයට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහයෝගය එවිට ලබා දිය හැකි බව අගමැතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අද පවතින බලශක්ති අර්බුදයටද උණ ශාකය භාවිත කිරීමේ විශාල ඉඩකඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පැවැසීය.

සුනිත්‍ය බලශක්තිය නැතිකමින් මෙරට ඇඟලුම් සහ තේ කර්මාන්ත විශාල අර්බුදයකට මුහුණ පා සිටින බවත් මේ නිසා උණ ගස, බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කිරීමේ විශාල අවස්ථාවක් ඇති බවත් යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අගමැති කාර්යාලයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ උණ සහ වේවැල් භාවිත කරන්නන්ගේ සංසදයේ නියෝජිතයන්, සංචාරක කර්මාන්තයේ ආයෝජනයට කැමැති විදේශික නියෝජිතයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න