පේරාදෙණියේ ශිෂ්‍ය විරෝධතාව විසුරුවා හැරේ | දිනමිණ

පේරාදෙණියේ ශිෂ්‍ය විරෝධතාව විසුරුවා හැරේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (23) පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතා පාගමනක් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය පියවර ගත්තේය. මෙම පාගමන ගලහ මංසන්ධියේ සිට මහනුවර දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

ශිෂ්‍ය මර්දනය නතර කිරීම, සිසුන්ගේ ශිෂ්‍යභාවය ආහෝසි කිරීමට ගෙන තිබෙන තීරණ අත්හිටුවීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තනතුරින් ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි.

සිසුන් 1500ක පමණ පිරිසක් මහනුවර පේරාදෙණිය ප්‍රධාන මාර්ගයට පැමිණ වාහන ගමනාගමනයට බාධා වන ලෙස කටයුතු කිරීම නිසා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව පොලිසිය පවසයි. විරෝධතාව හේතුවෙන් මාර්ග අවහිර වීම නිසා ඊයේ (23) පස්වරුවේ විකල්ප මාර්ග භාවිත කිරීමට බොහෝ රියැදුරන්ට සිදුව තිබිණි.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න