දුම්රිය ටිකට් - ආසන වෙන් කිරීම තෙමසකින් ඩිජිටල්කරණයට | දිනමිණ

දුම්රිය ටිකට් - ආසන වෙන් කිරීම තෙමසකින් ඩිජිටල්කරණයට

 

බස් ගාස්තුවෙන් 1/3කට දුම්රිය ගාස්තු ගේන්නත් අවධානය

දුම්රිය ප්‍රවේශ පත්‍ර, ආසන වෙන් කිරීම යනාදිය ඩිජිටල්කරණය කිරීම ඉදිරි මාස තුන තුළදී සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයෙන් වංචා දූෂණ සියල්ලක්ම නැවැත්විය හැකි බව ඇමැතිවරයා පැවැසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩු මුදලකින් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ගාස්තු සංශෝධනයක් කරන බව ද ඇමැතිවරයා කීය. දෙපාර්තමේන්තු ක්‍රමවේදය යටතේ තීරණයක් ගැනීමට විශාල කාලයක් වැය වන්නේ යැයි ද, දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට දෙපාර්තමේන්තු ක්‍රමයෙන් බැහැරව අධිකාරියක් බවට පත් කළ යුතු යැයි ද ඇමැතිවරයා පැවසුවේය.

මෙම දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම සඳහා 2001, 2002 වර්ෂවල නීතියක් සාදා තිබූ බවත් එය සංශෝධනයට ලක් කර බලාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

 


 

නව අදහස දක්වන්න