විකාශන අධිකාරි පනත නිර්ණායක යටතේ පිළිගන්නවා | දිනමිණ

විකාශන අධිකාරි පනත නිර්ණායක යටතේ පිළිගන්නවා

රක්ෂණ ශ්‍රියන්ත

විකාශන අධිකාරි පනත යම්කිසි නිර්ණායක යටතේ පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී ආර්ථිකය පිළිබඳ පැවැති පෙරේදා (31) මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ත්‍රස්ත විරෝධි පනත ගේන්න උත්සාහ කළා. ඒ පනතේ තිබෙනවා ත්‍රස්තවාදය අර්ථකථනය කරන කොට කොයි කොයි දේවල්ද ත්‍රස්තවාදි ක්‍රියා හැටියට ඇතුළත් වන්නේ කියලා.

එහි තිබුණා මාධ්‍ය භාවිත කරන විට, තමන්ගේ අදහස් සමාජයට යොමු කරන විට එය ත්‍රස්තවාදයට අනුබල දීමේ වරදක් හැටියට ඒ කට්ටියට දඬුවම් දෙන්න හැකියාවක් තිබෙනවා කියලා. එතකොට මේ නිර්වචනය නොයෙකුත් ආකාරයට කරන්න පුළුවන්. එහි තිබුණා ‘ඕනෑම ඩීඅයිජී කෙනකුට රඳවා ගැනීමේ නියෝග දෙන්න පුළුවන්‘ යනාදි වශයෙන්. එහිදී මේ ත්‍රස්ත විරෝධි පනත හිර වෙලා තියෙනවා. මොකද, මේක ඇත්ත වශයෙන්ම පුළුල් වැඩියි. ඒ නිසා ‘ත්‍රස්තවාදය හරියටම මොකක්ද“ කියන එක ගැන එකඟතාවකට එන කල් ඒ පනත ගේන්න හැකියාවක් නැහැ.

අප දන්නවා ආණ්ඩු පාර්ශ්වය ඇරෙන්න බොහෝ පාර්ශ්ව ඒකට විරුද්ධව හිටගෙන ඉන්නවා. දැන් අපට ආරංචි වෙනවා කැබිනට් එකෙන් නිකුත් වෙලා තිබෙනවා විකාශන අධිකාරි පනත කියලා එකක්. මේ විකාශන අධිකාරි පනත අප යම්කිසි නිර්ණායක යටතේ පිළිගන්නවා.“

නව අදහස දක්වන්න