Home » කෝප් කමි­ටු­වෙන් මන්ත්‍රී ඉරාන් ඉල්ලා අස්වෙයි

කෝප් කමි­ටු­වෙන් මන්ත්‍රී ඉරාන් ඉල්ලා අස්වෙයි

by Gayan Abeykoon
March 19, 2024 1:25 am 0 comment

 පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වෙන් ඉල්ලා අස්වී­මට සමඟි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍ර­ම­රත්න මහතා කට­යුතු කර තිබේ.ඒ පිළි­බඳ වන ලිපිය ඔහු විසින් කතා­නා­ය­ක­ව­රයා වෙත ඊයේ (18)  භාරදී තිබේ. ඒ මහතා සඳ­හන් කරන්නේ දූෂිත ක්‍රියා­වල නිරත වූ හෝ අයථා කළ­ම­නා­ක­ර­ණයේ යෙදුණු පුද්ග­ල­යන්ට එරෙ­හිව පිළි­ගත හැකි ක්‍රියා­මා­ර්ග­යක් අනු­ග­ම­නය කර නොමැති බවත් පොලි­සිය, CIABOC සහ නීති­පති ඇතුළු අදාළ බල­ධා­රීන් වෙත සෘජුව යොමු කිරී­මෙන් කෝප් කමි­ටු­වට කරුණු විම­ර්ශ­නය සඳහා යොමු කිරී­මට සහ අධි­ක­ර­ණ­මය වශ­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට ඉඩ සල­සන ස්ථාවර නියෝග සංශෝ­ධන කිරී­මට රජය අව­සර දී නොමැති බවත් නිසා කෝප් කමි­ටුවේ අකා­ර්ය­ක්ෂ­ම­තාව ගැන මහ­ජ­න­තාව කල­කි­රී­මට පත්ව තිබෙන බවයි.

මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් පෙන්වා දෙන්නේ කෝප් කමි­ටු­වට පත් කර ඇති සාමා­ජි­ක­යන්ට ඔවුන්ගේ පෞද්ග­ලික හැසි­රීම් සම්බ­න්ධ­යෙන් සහ විශේ­ෂ­යෙන්ම මුල්‍ය ගනු-දෙනු සම්බ­න්ධ­යෙන් චෝදනා එල්ල වීම කෝප් කමි­ටුවේ සාමා­ජි­ක­යකු වශ­යෙන් කට­යුතු කිරී­මට අතෘ­ප්ති­යට කරු­ණක් බවත්ය.

රක්ෂණ ශ්‍රියන්ත‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT