Home » තරුණී මාධ්‍ය අනුග්‍රහයෙන් හැඩගැන්වූ ජාතික රූපවාහිනියේ රූ කිරුළ-2024

තරුණී මාධ්‍ය අනුග්‍රහයෙන් හැඩගැන්වූ ජාතික රූපවාහිනියේ රූ කිරුළ-2024

රූපවාහිනී අවුරුදු කුමරිය - තිසුරි දිනෙල්කා / රූපවාහිනී අවුරුදු කුමරා - රවිඳු මධුශාන්

by sachintha
April 17, 2024 1:01 am 0 comment

ජාතික රූපවාහිනිය, ලේක්හවුස් තරුණි පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද රූ කිරුළ – 2024 අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය ජාතික රූපවාහිනියේ මැදිරි අංක 3හිදී පසුගියදා (14) දින පැවති අතර, එහිදී රූ කිරුළ අවුරුදු කුමරිය ලෙස තිසුරි දිනෙල්කා සහ අවුරුදු කුමාරයා ලෙස රවිදු මදුෂාන් කිරුළු පැලඳූහ.

ජාතික රූ කිරුළ 2024 තරගයට තරගකාරියන් 14000ක් සහ තරගකරුවන් 3700ක් අයැදුම්පත් යොමු කර තිබූ අතර ඒ අතරින් කුමරියන් 2000ක් සහ කුමරුන් 1000ක් පෙබරවාරි 24 සහ 25 දෙදින රූපවාහිනී පරිශ්‍රයට කැඳවා තිබිණ. එහිදී අවසන් වටය සඳහා කුමරුන් සහ කුමරියන් 12 බැගින් තෝරා ගෙන දින 50ක් තුළ පැවැති පුහුණු හා වැඩමුළුවලින් අනතුරුව පසුගිය 14 වැනි දින උත්කර්ෂවත් අවසන් සැඳෑව පැවැත්විණි. මේ අතරතුර අනු තරග හා ජනතා කැමැත්ත මත තෝරාගනු ලබන ජනප්‍රිය කුමරා සහ කුමරිය තේරිමේ තරග වටයක් ද පැවැත්විණි.

මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය පැතුම් සසංක විසින් සිදු කළ අතර නිරූපණ වින්‍යාස අධ්‍යක්ෂණය රොසෑන් ඩයස් විසින් සිදු කරනු ලැබීය. නර්තන අධ්‍යක්ෂණය සිදු කරනු ලැබුවේ චන්න විජේවර්ධනයන් විසිනි. විනිසුරු මඬුල්ල වශයෙන් ප්‍රවීණ නිරූපණ වින්‍යාස අධ්‍යක්ෂ රොසෑන් ඩයස්, ප්‍රවීණ නර්තනවේදී චන්න විජේවර්ධන, ප්‍රවීණ රංගන ශිල්පීන් වන ධනංජය සිරිවර්ධන, රොෂාන් රණවන, උදාරි පෙරේරා, සංජානි ඔනාලි සමඟ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීෂා ද සිල්වා මහත්ම මහත්මීහු සහභාගී වුහ. ජයග්‍රාහි රූ කුමරියට කිරුළ පැලැඳවීම පසුගිය වසරේ රූ කුමරිය වන චාමිණි වික්‍රමසිංහ විසින් සිදු කළ අතර ජයග්‍රාහි කුමරාට කුමර මාලය පැලඳවීම පසුගිය වසරේ කුමරා වන ප්‍රශාන් සිල්වා විසින් සිදු කරන ලදී. ජයග්‍රාහකයන්ට උර පලඳනා සහ ත්‍යාග ප්‍රදානය ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රූපවාහිනි සංස්ථා සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහත්වරුන් අතින් සිදු කෙරිණි. අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

රූපවාහිනී අවුරුදු කුමරිය – 2024:

ප්‍රථම ස්ථානය – තිසුරි දිනෙල්කා සංජීවනී

දෙවැනි ස්ථානය – ෂෙහානි දිනූෂි අමරසිංහ

තුන්වැනි ස්ථානය – සොනාලි වෑගොඩපොල

රූපවාහිනි අවුරුදු කුමරා -2024:

ප්‍රථම ස්ථානය – රවිඳු මධුශාන්

දෙවැනි ස්ථානය – චේතන අභිෂේක්

තුන්වැනි ස්ථානය – අනෝම සුපුන් ජයතිස්ස

CIB සේයා රූ කුමරිය – ටනුරි දිසාරා

CIB සේයා රූ කුමරා – චතුර මධුසංඛ

සොබා සිලෝන් කඩවසම් කුමරා -1 අනෝම සුපුන්

සිලෝන් දක්ෂතම කුමරා – චේතන් අභිෂේක්

සොබා සිලෝන් කේශ කල්‍යාණිය – ශෙහානී දිනූෂී

සොබා සිලෝන් ඡවි කල්‍යාණිය – දෙව්මි පෙරේරා

සොබා සිලෝන් දක්ෂතම කුමරිය – තිසුරි දිනෙල්කා


ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT