Home » කඩුගන්නාව නගරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යයි

කඩුගන්නාව නගරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යයි

by sachintha
April 18, 2024 1:49 am 0 comment

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක එල්.එස්. එගොඩවිට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු පිරිස කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කළ අයුරු.

මධ්‍යම පළාතට ප්‍රවේශ වන ප්‍රධාන පිවිසුමක් වන කඩුගන්නාව නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කඩුගන්නාව ගල විදින ලද ස්ථානය, ඩෝසන් කුලුන, කඩුගන්නාව තානායම, කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය හා පොහොර ගබඩා සංකීර්ණය යන ස්ථාන සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම හා මුදලිවත්ත ගම්මානය ආගන්තුක සත්කාර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි මේ යටතේ අවධානය යොමුව ඇත.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා මේ ස්ථානය නිරීක්ෂණය කර එහි ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්ම මහත්මීන් හා ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් ද මුදල්වත්ත ආගන්තුක සත්කාර ගම්මානයේ පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප – රුවන් මීගම්මන

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT