Home » ඉරා­න­යට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්

ඉරා­න­යට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්

by damith
April 20, 2024 1:20 am 0 comment
  • ගුවන් ආර­ක්ෂක පද්ධ­තියේ ප්‍රති­ප්‍ර­හා­ර­යෙන් මිස­යිල සහ න්‍යෂ්ටික බලා­ගාර විනාශය වැළකෙයි
  • ප්‍රහා­රය එල්ල වූයේ ඊශ්‍රා­ය­ල­යෙන් බව ඉරානය නොකියයි

ඉරා­නයේ න්‍යෂ්ටික පර්යේ­ෂ­ණා­ගා­ර­යක්, විප්ල­වීය හමු­දාවේ ගුවන් බළකා කඳ­වු­රක් සහ මිස­යිල නිෂ්පා­ද­නා­ග­ාර­යක් පිහිටි ඉස්ෆ­හාන් නුව­රට ඊයේ අලු­යම ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන ගුවන් ආර­ක්ෂක පද්ධ­තිය මගින් ප්‍රාන්ත කිහි­ප­ය­කින් ගුව­නට ප්‍රහාර එල්ල කර­මින් ඩ්‍රෝන 3ක් බිඳ හෙළා ඇතැයි එරට රජයේ මාධ්‍ය වාර්තා උපුටා දක්ව­මින් ස්කයි පුවත් සේවය සඳ­හන් කළේය. එය ඊශ්‍රා­ය­ලය වෙතින් එල්ල වූ ප්‍රහා­ර­යක් බවට ඉරා­නය මෙතෙක් නිල වශ­යෙන් ප්‍රකාශ කර නැති අතර, ප්‍රහා­රය සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය ද කිසිදු ප්‍රකා­ශ­යක් නිකුත් කර නැතැයි වාර්තා වේ.

ඉරා­නයේ ටෙහ්රාන් අග­නු­ව­රට කිලෝ­මී­ටර් 440ක් දකුණු දෙසින් පිහිටි ඉස්ෆ­හාන් නුවර විශාල පිපි­රීම් ශබ්ද ඇසුණු බවට වාර්තා පළ­වූ­වද, එය ගුවන් ආර­ක්ෂක පද්ධ­ති­යෙන් එල්ල කළ ප්‍රහා­ර­වල ශබ්ද බව ප්‍රාන්ත හමුදා ප්‍රධා­නියා තහ­වුරු කර ඇතැයි ටෙහ්රාන් ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කළේය.

ප්‍රහා­රය එල්ලවූ ඊයේ දිනයේ ඉරා­නයේ අධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කුමේ­නිගේ උපන් දිනය යෙදී තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කර ඇති අතර, මේ ප්‍රහා­ර­යෙන් කිසිදු දේපළ හානි­යක් හෝ ජීවිත හානි­යක් සිදු වූ බවට තොර­තුරු වාර්තා නොවන බව ද සඳ­හන් වේ.

ඉරා­නය විසින් පසු­ගි­යදා ඊශ්‍රා­ය­ල­යට එල්ල කළ මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහා­ර­යට ප්‍රති­චාර දැක්වු­ව­හොත් ප්‍රති­ප්‍ර­හාර දරුණු වනු ඇතැයි මීට පෙර ඉරාන ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කළ ද, ඊයේ ප්‍රහා­ර­යට ඊශ්‍රා­ය­ල­යට ප්‍රති­ප්‍ර­හාර එල්ල කිරීම සම්බ­න්ධව කිසිදු ප්‍රකා­ශ­යක් සිදු කර නැති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඉරාන රජයේ රූප­වා­හි­නිය මේ ප්‍රහා­රය ගැන වාර්තා කර ඇත්තේ ඊයේ අලු­යම ඉස්ෆ­හාන් නුවර ඉහළ අහ­සේදී නිරී­ක්ෂ­ණය වූ ඩ්‍රෝන 3ක් එරට ගුවන් ආර­ක්ෂක පද්ධ­ති­යෙන් විනාශ කළ බව පමණි.

****

ප්‍රහා­රය එල්ල කළේ ඊශ්‍රා­ය­ල­යයි – අමෙ­රි­කානු නිල­ධා­රීන් ප්‍රකාශ කළ බව බීබී­සීය කියයි

මීට දින 5කට පෙර ඉරා­නය විසින් එල්ල කළ මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහා­ර­ව­ලට ප්‍රති­චාර දක්ව­මින් ඊශ්‍රා­ය­ලය ඉරා­න­යට ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල කළ බව අමෙ­රි­කානු නිල­ධා­රින් ප්‍රකාශ කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ අතර ඉතාලි විදේශ ඇමැති එරට ඊයේ නිමා­වට පත් වූ රට­වල් හතේ (ජී-7) විදේශ ඇමැ­ති­ව­රුන්ගේ රැස්වී­මේදී සඳ­හන් කර ඇත්තේ එම ප්‍රහා­රය සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය විසින් අමෙ­රි­කාව දැනු­වත් කර ඇත්තේ අව­සන් මිනි­ත්තු­වේදී බවය. එසේ වුවද අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් ඇන්ටෝ­නියෝ බ්ලින්කන් ඉරා­න­යට එල්ල වූ ප්‍රහා­රය සම්බ­න්ධව ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මෙන් වැළකී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

බීබීසී වාර්තා­කා­රි­නිය ජෙසිකා පාකර් විසින් අසනු ලැබූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු සප­ය­මින් ඔහු සඳ­හන් කර ඇත්තේ ඉරා­න­යට එරෙ­හිව ඊශ්‍රා­ය­ලය සිදු කරන කිසිදු ප්‍රහා­ර­ය­කට අමෙ­රි­කාව සම්බන්ධ නොවන බව පමණි.

****

ඉස්ෆ­හාන් ප්‍රහා­ර­යට ප්‍රති­චාර දැක්වීමේ සැල­සු­මක් නෑ – ඉරා­නයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙක්

ඉරා­න­යට ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල කරනු ලැබුවේ හානි කිරී­මට නොව අන­තුරු ඇඟ­වීමේ සංඥා­වක් ලෙස යැයි ඊශ්‍රා­යල නිල­ධා­රීන් ප්‍රකාශ කර ඇතැයි ද, ඊට ප්‍රති­චාර දැක්වීමේ හදිසි සැල­සු­මක් ඉරා­න­යට නැතැයි ද ඉරා­නයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු ප්‍රකාශ කළ බව ‘ජෙරු­ස­ලම් පෝස්ට්’ පුවත් සේවය වාර්තා කළේය.

ප්‍රහා­රයේ වග­කීම භාර ගන්නා බවට ඇතැම් ඊශ්‍රා­යල දේශ­පා­ල­න­ඥ­යන් ප්‍රකාශ නිකුත් කළ බව සඳ­හන් කර ඇති ඉරා­නයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රියා, ඉස්ෆ­හාන් නුව­රට එල්ල වූ ප්‍රහා­රය පසු­පස සැබැ­වින්ම ඊශ්‍රා­ය­ලය සිටි­න්නේ­දැයි සැක සහිත බවද වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි ජෙරු­ස­ලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

එම ප්‍රහා­රය පිළි­බඳ විදේ­ශීය මූලා­ශ්‍රය මෙතෙක් තහ­වුරු වී නැති බවත්, එය ප්‍රහා­ර­ය­කට වඩා ආක්‍ර­ම­ණ­යක් ලෙස පෙනී යන බවත් ඉරාන ජ්‍යෙෂ්ඨ නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. එමෙන්ම එය කිසිදු බාහිර ප්‍රහා­ර­ය­කින් එල්ල වූ ප්‍රහා­ර­යක් බවට කිසිදු තොර­තු­රක් නැති බවත්, ඊට ප්‍රති­ප්‍ර­හාර එල්ල කිරී­මට ඉරා­න­යට කිසිදු සැල­සු­මක් නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT