Home » ඔටාවා සය පුද්ගල ඝාත­නයේ සැක­කාර ශ්‍රී ලාංකික සිසුවා ඇප එපා කියයි

ඔටාවා සය පුද්ගල ඝාත­නයේ සැක­කාර ශ්‍රී ලාංකික සිසුවා ඇප එපා කියයි

by damith
April 20, 2024 1:21 am 0 comment

කැන­ඩාවේ ඔටාවා අග­නු­ව­රට ආසන්න බාර්හෙ­වන් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ශ්‍රී ලාංකි­ක­යන් හය දෙනකු ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගනු ලැබ සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවා ඇප ඉල්ලී­මට බලා­පො­රොත්තු නොවන බව ඔහුගේ නීති­ඥයා ප්‍රකාශ කර තිබේ.

19 හැවි­රිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති මොහු පසු­ගිය මාර්තු මුලදී අත්අ­ඩං­ගු­වට ගත් අතර ඔහුට එරෙ­හිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනී මැරී­මට තැත් කිරීමේ චෝද­නා­වක් එල්ල කර ඇත. මේ තරු­ණයා ලබන සති­යේදී අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත අතර, එහිදී ඔහුට එරෙහි නඩුවේ මූලික විම­ර්ශන සඳහා දින වෙන් කිරී­මට සැල­සුම් කර ඇතැයි වාර්තා වෙයි.

එකම පවු­ලට අයත් කුඩා ළම­යින් සිව් දෙනකු, ඔවුන්ගේ මව සහ තවත් ශ්‍රී ලාංකි­ක­යකු මේ සැක­කරු විසින් ඝාත­නය කර තිබෙන අතර මිය­ගිය දරු­වන්ගේ පියාද තුවාල ලබා රෝහ­ල්ගත කෙරිණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඝාත­නය සිදු වූ නිවෙ­සේම පදිං­චිව සිටි 19 හැවි­රිදි ශ්‍රී ලාංකික තරු­ණයා අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අතර, මේ වන විට ඔහුට මිනී­මැ­රීම් හයක සහ මිනී­මැ­රී­මට උත්සාහ කිරී­ම­කට චෝදනා එල්ල වී තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT