Home » නිද­හස් පක්ෂය ඇතුළේ අර්බුද විස­ඳන්න මැති­ව­රණ කොමි­ස­මට බෑ

නිද­හස් පක්ෂය ඇතුළේ අර්බුද විස­ඳන්න මැති­ව­රණ කොමි­ස­මට බෑ

by damith
April 20, 2024 1:22 am 0 comment

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය තුළ මතුව ඇති අර්බු­ද­කාරි ත්ත්ත්වය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී සාකච්ඡා කිරී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර ඇති නමුත් පක්ෂයේ අභ්‍ය­න්තර ගැටලු විස­ඳී­මට කොමි­ස­මට නෛතික බල­යක් නැති බව එම කොමි­සමේ ප්‍රකා­ශ­ක­යෙක් දින­මි­ණට පැව­සීය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ කණ්ඩා­යම් දෙකක් විසින් වෙන වෙනම මැති­ව­රණ කොමි­සම වෙත ඉදි­රි­පත් කර ඇති ලිපි ලේඛන කොමි­සමේ සාමා­ජි­ක­යන් විසින් සාක­ච්ඡා­වට ලක් කළ නමුත් ඒ සම්බ­න්ධ­යෙන් අව­සන් විස­ඳු­මක් නොගත් බවද ඒ ප්‍රකා­ශ­කයා සඳ­හන් කළේය.

පසු­ගි­යදා (8) පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභා­පති ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එහි දේශ­පා­ලන මණ්ඩ­ලය රැස් වූ අතර, පක්ෂයේ නව සභා­පති ලෙස නිමල් සිරි­පාල ද සිල්වා මහ­තාත් මහ­ලේ­කම් ධුරයේ ක්‍රියා කිරී­මට දුමින්ද දිසා­නා­යක මහ­තාත් පත් කරනු ලැබූහ. මේ පත් කිරීම් සම්බ­න්ධ­යෙන් ලිපි ලේඛන හා තොර­තුරු දුමින්ද දිසා­නා­යක මහතා මැති­ව­රණ කොමි­ස­මට භාර දී ඇති අතර, පසුව පක්ෂයේ වැඩ බලන මහ­ලේ­කම් සාරතී දුශ්මන්ත මිත්‍ර­පාල මහතා නව පත් කිරීම් සම්බ­න්ධ­යෙන් කොමි­ස­මට විරෝ­ධතා ගොනු කර තිබිණි. ඒ අනුව මැති­ව­රණ කොමි­සම පෙරේදා (18) රැස් වූ අව­ස්ථාවේ මේ සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාමාන්‍ය නෛතික වප­ස­රිය සහ ක්‍රියා­ප­ටි­පා­ටිය තුළ නිද­හස් පක්ෂය තුළ හට ගෙන ඇති අභ්‍ය­න්තර ගැටලු විස­ඳී­මට මැති­ව­රණ කොමි­ෂන් සභා­වට නෛතික බල­යක් නැති බැවින් පව­තින ගැටලු පක්ෂයේ ක්‍රියා­කා­රීන් විසින් අධි­ක­ර­ණය හරහා විස­ඳා­ගත යුතු බව එම කොමි­සමේ මතය වී ඇත. මේ වන විටත් නිද­හස් පක්ෂයේ තන­තුරු සහ පාර්ශ්ව සම්බ­න්ධ­යෙන් පව­තින අර්බු­දය අධි­ක­ර­ණය හමුවේ විභාග වන බැවින් ඉන් දෙන නියෝග හෝ නිර්දේශ පිළි­ගැ­නී­මට පම­ණක් මැති­ව­රණ කොමි­ෂන් සභා­වට හැකි­යාව පවතී.

කෙසේ වෙතත් යම් හෙය­කින් ඉදි­රි­යේදී මැති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් අන­තු­රු­වත් නිද­හස් පක්ෂයේ අභ්‍ය­න්තර අර්බුද පැව­තුණ හොත් ඔවුන්ට නාම­යෝ­ජනා දෙන්නේද යන්න සම්බ­න්ධ­යෙන් සලකා බලා මැති­ව­රණ ක්‍රියා­ව­ලිය යටතේ පම­ණක් යම් තීන්දු­වක් ගැනී­මට සිදු වන බව එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT