Home » මැලේසියාවේ රාජකීය නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් කඩා වැටී 10ක් මරුට

මැලේසියාවේ රාජකීය නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් කඩා වැටී 10ක් මරුට

by sachintha
April 24, 2024 1:13 am 0 comment

මැලේසියාවේ රාජකීය නාවික හමුදාවේ සංදර්ශනයක් සඳහා පුහුණුවීම්වල නිරතව සිටි හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් නිලධාරීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංදර්ශනය සඳහා පෙරහුරුව ආරම්භ වීමත් සමඟ හෙලිකොප්ටර් යානා ගණනාවක් ගුවන් ගත වූ බවත්, එහිදී යානා දෙකක තටු එකිනෙක ගැටීමෙන් කඩා වැටුණු බවත් නිවේදනයක් නිකුත් කරමින් මැලේසියානු රාජකීය නාවික හමුදාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එක් හෙලිකොප්ටර් යානයක සත් දෙනකු ගමන් කර ඇති අතර, අනික් යානයේ නිලධාරීන් තිදෙනකු ගමන් කළ බව වැඩිදුරටත් වාර්තා වේ. අනතුර පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT