Home » වතුර වෙනුවට හුළං

වතුර වෙනුවට හුළං

by mahesh
April 25, 2024 1:00 am 0 comment

දැනට දෙවිනුවර පළාත්වල පවතින තද වියළි කාලගුණයත් සමඟ ජාතික ජල සම්පත් මණ්ඩලය අඩු පීඩනයකින් යුතුව ජලය නිකුත් කිරීම නිසා ගන්දර කන්දගොඩැල්ල, තලල්ල, කදිරවිට, පානාර ආදී උස්බිම්වල පිහිටා ඇති නිවාසවලට ජලය වෙනුවට හුළං පැමිණීම නිසා, උස් බිම්වල නිවාස තනාගෙන සිටින ප්‍රදේශවාසීන් මහත් අසහනයකට පත් වී ඇත. මෙම හුළං ඇදීම නිසා ජල මීටර් කරකැවී ඒවායේ ඒකක ගණන නොසිතූ පරිදි ඉහළ ගොස් ඇතැයි ජල පාරිභෝගිකයෝ පවසති. මෙම තත්ත්වය නිසා මෙයට පෙර ඒකක 30ක් පමණ ප්‍රයෝජනයට ගත් පාරිභෝගිකයනට මේ වන විට ඒකක 60 -70 වශයෙන් මීටරයේ සඳහන් වීම නිසා විශාල ජල බිලක් ලැබෙන බවත් පවසති.

මෙය ජාතික ජල සම්පාදන මණ්ඩලයේ දෙවිනුවර, තලල්ල සහ ගොඩඋඩ කාර්යාලවල අවධානය යොමුවිය යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

දෙවිනුවර – ප්‍රඥාරත්න විදානගමාච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT