Sunday, May 5, 2024
Home » බංග්ලාදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 පන්නයි 

බංග්ලාදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 පන්නයි 

මිලියන 33ක පාසල් සිසුන්ට නිවාඩු

by sachintha
April 26, 2024 1:43 am 0 comment

බංග්ලාදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් එරට සියලුම පාසල් 27 වැනිදා දක්වා වසා දැමීමට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි අධික උණුසුම් කාලගුණයක් හේතුවෙන් පාසල් වසා දැමීමට බංග්ලාදේශ රජය පියවර ගෙන ඇත්තේ පිට පිට දෙවැනි වසරට බවද වාර්තා වේ. මේ තත්ත්වය මත එරට මිලියන 33ක පාසල් සිසුන්ට නිවෙසේ කාලය ගත කිරීමට සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බංග්ලාදේශයේ පවතින අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් පෙරේදා එරට ඉස්ලාම් බැතිමතුන් දහස් ගණනක් මුස්ලිම් දේවස්ථානවල රැස් වී වර්ෂාව ප්‍රාර්ථනා කරමින් ආගමික වතාවත්වල නිරත වු බව ද වාර්තා වේ. මේ උණුසුම් කාලගුණය තවත් සතියක් පමණ පවතිනු ඇතැයි බංග්ලාදේශ කාලගුණ විද්‍යා නිලධාරීන් අනාවැකි පළ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT