Sunday, May 5, 2024
Home » දඹුලු ආපු අලින් පැය 24න් කැලේට පන්නයි

දඹුලු ආපු අලින් පැය 24න් කැලේට පන්නයි

by sachintha
April 26, 2024 1:43 am 0 comment

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනා පැය 24ක කාලයක් ඇතුළත පලවා හැරීමට වනජීවී නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන්ට හැකි වූ බව දඹුල්ල පොලිසිය පැවසීය.

මෙම වන අලි තිදෙනා 23 වැනි දින රාත්‍රී දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළෙඳසල් අවට සැරිසරන අයුරු 24 දින අලුයම ප්‍රදේශවාසීන් දැක තිබේ. මේ වන අලින් තිදෙනා දවස පුරා නගරයේ වෙළෙඳසල් පිටුපස ජනතාව පදිංචි ප්‍රදේශයට පැමිණ සැරිසැරූ බවත් ජනතාව ද අලි බැලීම සඳහා උනන්දුවක් දක්වන අතර නිවෙස් තුළ සිටද අලි බලන අයුරු දැක ගැනීමටත් හැකි විය.

වන අලි තිදෙනෙක් හේතුවෙන් නගරය අවට නොසන්සුන්තාවයක් ඇති වූ අතර, උදෑසන සිට සවස් කාලය දක්වා රැඳී සිටි වන අලි සීගිරිය වනජීවී නිලධාරීන් හා පොලිසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් උදෑසන සිට රැකවල් යොදා පසුව රාත්‍රී කාලය උදාවෙත්ම වනජීවී නිලධාරීන් දඹුල්ල පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය මත වන අලි රැඳී සිටි ස්ථානයේ සිට කිරලව, මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට පලවා හැරීමට පියවර ගෙන තිබිණ.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT