Sunday, May 5, 2024
Home » රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාරගේ මෑණියන්ගේ අවසන් කටයුතු අද

රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාරගේ මෑණියන්ගේ අවසන් කටයුතු අද

by sachintha
April 26, 2024 1:03 am 0 comment

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතාගේ ආදරණීය මෑණියන් වන පියසීලි මුතුමාල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. තණමල්විල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කටයුතුවල නියුතුව සිටි මුතුමාල මහත්මිය ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවිකාවකි. පිරිමි දරුවන් හත් දෙනකුගේ සහ ගැහැනු දරුවන් තිදෙනකුගේ ආදරණීය මෑණියන් වූ ඇය මිය යන විට 94 වැනි වියෙහි පසුවාය.
දේහය තණමල්විල, නුගසෙවණ නිවෙසේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අද (26) සවස 3.00ට තණමල්විල පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT