Sunday, May 5, 2024
Home » පාණදුර පරත්තේ බක් මහ උලෙළ මෙවරත් ජයටම

පාණදුර පරත්තේ බක් මහ උලෙළ මෙවරත් ජයටම

by sachintha
April 26, 2024 1:00 am 0 comment

පානණදුර පරත්ත ග්‍රාමයේ සංස්කෘතික සමාජීය එකමුතුභාවය වැඩි කිරීමේ අරමුණින් රෝහිත ජයතිලක ප්‍රමුඛ පරත්ත ප්‍රජා මණ්ඩල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මහා බක් මහ උලෙළ 12 වැනි වරටත් පසුගියදා (21) පරත්ත ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී ජන ක්‍රීඩා රැසක් පැවැත්වුණු අතර, මෙහි සංවිධාන කටයුතු සිදු කෙරුණේ ශාන් උදයංග, රංගන ඩයස්, විනෝකා හේමමාලි ප්‍රනාන්දු, ජනීස් සලාමී ඩේවිඩ් ප්‍රමුඛ ගමේ තරුණ කැල විසිනි.
පරත්ත අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූයේ ඉසුරි කාව්‍යාය. දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් උදේශා විදුෂානී සහ ලක්මි නවෝද්‍යා වෙත හිමි විය. කඩවසම්ම තරුණයා ලෙස අභිෂේක ලැබූයේ ආලෝක අදිකාරම් වන අතර පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කරගත්තේ ජෙහාන් ඩයස් හා තරූෂ විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT