Sunday, May 5, 2024
Home » විවාද දින තුනේ මැතිසබේ වියදමින් වන්දියක් ගෙවුවා නම් මීට වඩා හොඳයි – රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

විවාද දින තුනේ මැතිසබේ වියදමින් වන්දියක් ගෙවුවා නම් මීට වඩා හොඳයි – රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

by sachintha
April 26, 2024 1:00 am 0 comment

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා වෙන් කර ඇති මේ දිනතුනෙහි වියදම ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස දුන්නා නම් විවාදයට වඩා එය වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැති විවාදයට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිවරයා:මේ දවස් තුනට යන වියදම පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් වූ අයට වන්දි ලෙස ලබා දුන්න නම් හොදයි .මම

“මේ විවාද බොහෝ ගාණකට සහභාගි වුණා. ඒ හැම එකේම කියන්නේ එකම දේ. මොකක්ද මේක? මම ආයේ මේ විවාදයේ කතා කරන්නේ නෑ කියලා තමා හිතන් හිටියේ. ඒත් දැන් ආයේ කතා කරන්න වෙලා. මේක ඉවර කරන්න ඕනෑ.

“එදා මේ ප්‍රහාරය වෙද්දි ආණ්ඩුවෙ හිටපු අය අද විපක්ෂයේ ඉන්නවා. ඉතින් මොකක් ද මේකෙ සිදු වන්නේ? පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ගෝඨාභය රාජපක්ෂ දිනුවලු. ඒත් අරන් බලන්න: ඒ ක්‍රිස්තියානි පිරිස් ඉන්න පලාත්වල ඡන්ද ප්‍රතිපල ඒක බැලුවා නම් ඒක තේරුම් ගන්න පුළුවන්. අද කියනවා සමහරු බලයට ආවාම මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සාධාරණයක් කරනවාලු. ඒත් එහෙම කියන අය තමා එදා බලයේ හිටියේ. එයාලා කොහොමද එතකොට ඒකට සාධාරණයක් කරන්නේ? වෙනත් ආණ්ඩුවක් අවශ්‍ය නෑ. මේක මේ ආණ්ඩුවට විසඳන්න පුළුවන්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT