Sunday, May 5, 2024
Home » පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ගේ චෝදනා ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ගේ චෝදනා ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

by sachintha
April 26, 2024 2:46 am 0 comment

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවත් එම බෝම්බ ප්‍රහාර සිදු කළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳ එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ සීඅයිඩීය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වූ බවත් හිටපු ජනාධිපතිවරයා කියයි.

මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැති නම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්ෂණය කළ යුතු යැයි ද සිය නිවේදනයේ දක්වා ඇත. තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීමට හේතු සහ කරුණු ඇතුළත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT