අගමැති නවසීලන්තයේ තෙදින සංචාරයක | දිනමිණ

අගමැති නවසීලන්තයේ තෙදින සංචාරයක

ශිරෝමි අබයසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (29) දහවල් නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රි ලංකා අගමැතිවරයෙකු නවසීලන්තයේ නිල සංචාරයකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වේ. අගමැති වික්‍රමසිංහ මහතා නවසීලන්තයේ නිල සංචාරයක නිරත වන්නේ නවසීලන්ත අගමැති ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුවය. අගමැතිවරයාගේ නවසීලන්ත සංචාරයේදී වෙළෙද ක්ෂේත්‍රය,  කළාපීය ආර්ථිකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්ත සංචාරය දෙරට අතර දීර්ඝ කාලීන මිතු දම තහවුරු කිරිමට විශාල පිටුවහලක් වන බව නවසිලන්ත අගමැති ජොන් කී මහතා විදෙස් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. මේ සංචාරයේදී ද්වි පාර්ශ්වික වෙළෙද ගිවිසුම් සේම අමෙරිකානු ඩොලර් මිලියන 333 ක කිරිපිටි ක්ෂේත්‍රයේ වර්ධනයක් දෙරටටම බලපාන ලෙස ලබා ගැනිමට අපේක්ෂා කරන බවද නවසිලන්ත අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. 

අදහස් 1ක් ඇත

oba thumata nam prasnayak wennenaha, api wage ayata hari dadi nithi newzeeland guwan thotupolin ,ratata athul wenna, e tharamata ,ratata athulwena aya gana niladaringe awadanaya thara karala yhiyenne, la newzeeland walin puduma wadagath de obathumata labagannata nkawata ada kochhara widesikayin anawasarayen math dradrawya genawatda, kanthawan pawa srilankawe horu hatiyata ratata athul wenawa ,oba thumata hoda darsanayak ,me ratin labagatha hakiya, amathaka karanna epa( thasman sea)eka saha kurulu dupatha balanna yana eka, mokada ema kurullan ostreliyawen awith welawata apahu yanawa,muhudau theerayama kalupatayi mokada awata ginikaduwala kalu walithala thasman muhudata galagena ema nisa,rate inna mauris jathikayan thawamath inne thama rata sudu palanayata yata wuwa yana wedanawen bawa da hagi yanawa , rataka maha jathikayanta , samahara wita apita oya dewal sidda kawada ho wuwoth apth ohoma edata hada wateyi mewa gana nayakayin wasayen sithiya yuthiyi,

නව අදහස දක්වන්න