BPPL Holdings සමාගම රු. මිලියන 368ක මූලික කොටස් නිකුතුවක් නිවේදනය කරයි | දිනමිණ

BPPL Holdings සමාගම රු. මිලියන 368ක මූලික කොටස් නිකුතුවක් නිවේදනය කරයි

 අග්නිදිග ආසියාවේ විශාලතම කෙඳි නිමැවුම් නිෂ්පාදකයකු වන BPPL Holdings Limited (BPPL) ආයතනයේ 10% හිමිකම් සඳහා රු. 12.00 බැඟින් වූ කොටස් 30,685,000ක මූලික කොටස් නිකුතුවක් මඟින් රු. 368,220,000ක් රැස් කිරීමට කටයුතු සූදානම් කර ඇත. මේ නිකුතු මිල අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 3.7කි.

මේ අර්පණයේ දී Hirdaramani Investment Holdings (pvt) limited සතුව පවතින 23.4%ක BPPL හි අයිතිය 13.4% දක්වා පහත හෙළනු ලැබේ. Infinity Capital (pvt) Limited සහ LOLC Investments Limited තම 50.3% සහ 26.3% හිමිකම එලෙසම පවත්වා ගනු ඇත.

වර්තමාන කොටස් හිමියන් ද මූලික නිකුතුවේ සිට අවමය මාස 12 දක්වා හිමිකම් බැහැර නොකරනු ඇත. මේ මූලික කොටස් නිකුතුව මඟින් වසර ගණනාවක් තිස්සේ පෞද්ගලික මට්ටමේ පැවැති හිමිකාරීත්වය වඩා වැඩි පැතිරුණු හිමිකාරීත්වයක් බවට පත්වනු ඇත.

මේ නිකුතුව 2017 මාර්තු 7 දින ආරම්භ කෙරෙන අතර 2017 මාර්තු 24 වැනි දින අවසන් වනු ඇත. අධි දායකත්වයක් ඇති වුවහොත් පමණක් ඊට පෙර අවසන් විය හැකිය. CTCLSA Capital (PVT) Ltd. ආයතනය මේ නිකුතුව සම්බන්ධයෙන් මූල්‍ය උපදේශකයන් සහ කළමනාකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

මේ මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් BPPL ප්‍රධාන විධායක ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පවසන පරිදි BPPL සමාගම වෙනුවෙන් සකසන ලද අතිමහත් වූ සැලසුම් සමුදායක් අප සතුව තිබෙන අතර, ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටී. ඉදිරි කාලයේ දී උපාය මාර්ගික සැලසුම් මඟින් ලබා ගැනීමට නියමිත ශීඝ්‍ර වර්ධනය සඳහා අප හොඳ සූදානමකින් සිටින බැවින් මේ මූලික කොටස් නිකුතුව මහජනතාව සඳහා හිමිවන විශේෂිත අවස්ථාවක් වනු ඇත. 

නව අදහස දක්වන්න