දිනේෂ්ට මැතිසභය සතියක් තහනම් - update | දිනමිණ

දිනේෂ්ට මැතිසභය සතියක් තහනම් - update

පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනට සතියක පාර්ලිමේන්තු තහනම් පැනවිය යුතු බවට ගෙන ආ යෝජනාව වැඩි ජන්ද 63කින් සම්මත වෙයි.

පක්ෂව 85යි, විපක්ෂව 22යි.

දිනේෂ් රැගෙන යන්න පොලිසියෙන් කැඳවයි - update

පාර්ලිමේන්තු සභා ගර්භයට මේ වන විට පොලිස් නිළධාරීන් ගෙන්වා තිබේ.

එමෙන්ම සභාවේ කටයුතු තුන්වන වරටත් යළිත් කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.

පාර්ලිමේන්තු රැස්විම් කටයුතුවලින් ඉවත් කෙරුණු දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සභාවෙන් පිටතට රැගෙන යාම සඳහායි.

මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී සිටීම හේතුවෙන් මෙලෙස පොලිසිය කැඳවනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන අද දින පාර්ලිමේන්තුවේ  කටයුතු අවසන් වන තුරු සභාවේන් ඉවත් කිරීමට කතානායක කරු ජයසූරිය නියෝග කලේය.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් ඉවතට - update
 
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යන ලෙස කතානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
 
ඒ, මන්ත්‍රීවරයා දිගින් දිගටම කතානායකවරයාගේ උපදෙස් නොතකා විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙනි.

 

අදහස් 1ක් ඇත

Hats off to the Speaker of the House, for his bold decision ! This MP has all his freedom to shout, bark or do anything he likes in front of the Fort railway station or the Tunmulla junction, with his friends. The Parliament should not be taken to stage political rallies. Let this be a lesson to all future trouble makers !!!

නව අදහස දක්වන්න