හේමාස් රෝහල් සමූහයෙන් රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් | දිනමිණ

හේමාස් රෝහල් සමූහයෙන් රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්

ජාතික රක්ෂණ භාර අරමුදලේ සාමාජිකත්වය දරන රාජ්‍ය සේවකයන් වෙත වට්ටම් සහ අලුතින් හඳුන්වා දුන් සුව සේවා පැකේජයන් රැසක් සමඟින් ACHSI ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මුද්‍රා තැබූ හේමාස් රෝහල් සමූහය ජාතික රක්‍ෂණ භාර අරමුදල සමඟින් වූ අවබෝධතා ගිවිසුම යාවත්කාලීන කෙරිණ. මේ සහයෝගීතාව හේතුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලේ සාමාජිකත්වය දරන සියලු රාජ්‍ය සේවකයන්ට සිය අග්‍රහාර රක්ෂණ සැලසුම භාවිත කරමින් විශේෂිත මිල ගණන් යටතේ හේමාස් රෝහල් සහ රසායනාගාර සුව සේවාවන් ලබා ගත හැකිවේ.

හේමාස් රෝහල් සමූහය පිළිබඳව ජාතික රක්ෂණ භාර අරමුදල තබා ඇති අචල විශ්වාසය එලෙසම රඳවා ගනිමින් පසුගිය වසරට සාපේක්‍ෂව වැඩි ප්‍රතිලාභ ප්‍රමාණයක් මේ වසරේ සිට ලබා දීමට හේමාස් රෝහල් ජාලය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව ජාතික රක්ක්‍ෂණ භර අරමුදලේ සාමාජිකත්වය හිමි අග්‍රහාර රක්ෂණ සාමාජිකයන් සඳහා ඕනෑම හේමාස් රෝහලක දී ඔවුන් විසින් ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකාර සඳහා 10%ක් දක්වා වූ වට්ටමක් ලබා දෙනු ඇත. අග්‍රහාර රක්ෂණ හිමියන් සඳහා හේමාස් රෝහල් සමූහයට අයත් රෝහල්වලින් මීට ඉහත දී ලබාදුන් වට්ටම් සහ ප්‍රතිලාභ වන රෝහල් කාමර ගාස්තු, රසායනාගාර පර්යේෂණ සහ විකිරණ රෝග විනිශ්චය ගාස්තු සඳහා හිමි වූ වට්ටම් ද ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ලබා දීමට හේමාස් රෝහල් සමූහය පියවර ගෙන ඇත.

හේමාස් රෝහල් සමූහය ජාතික රක්ෂණ භාර අරමුදල සමඟින් මෑතක දී එළැඹි ගිවිසුමට අනුව විකලාංග, මෞත්‍රලිංගික සහ සාමාන්‍ය ශල්‍යකර්ම මෙන්ම මීට පෙර ආවරණය වූ සෑම ශල්‍යකර්මයක් සඳහාම 2016 වසරේ දී ලබාදුන් වට්ටම් අභිභවා වඩාත් ඉහළ ප්‍රතිලාභයක් මෙවර ලබා දීමට හේමාස් රෝහල් සමූහයට හැකිව තිබේ.

නව අදහස දක්වන්න