කුමාරිකා ඩිජිටල් අවුරුදු ලිත | දිනමිණ

කුමාරිකා ඩිජිටල් අවුරුදු ලිත

ඩිජිටල් කාලෙට ගැලපෙන ඩිජිටල් තාලේ අලුත් අවුරුදු ලිතක් හඳුන්වාදීමට කුමාරිකා නිෂ්පාදන පෙළ පියවර ගෙන තිබේ.

අලුත් අවුරුද්දේ සියලු නැකැත් සඳහන්ව තිබෙන මෙම ලිත නම් කර ඇත්තේ කුමාරිකා ‘අවුරුදු සොබා ලිත’ නමිනි. ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් අතර භාවිත වන්නේ ඇන්ඩ්රොයිඩ් දුරකථන වන නිසාවෙන් මෙය නිර්මාණය කරඇත්තේ ඇන්ඩ්රොතයිඩ් ඇප් එකක් ලෙසිනි.

අ‍ප්‍රේල් මාසය පුරා විසිරී තිබෙන විවිධ නැකැත් මෙම ඩිජිටල් ලිත හරහා දැනගැනීමටත් ඒ කිසිදු නැකැතක් මඟ නොහැරෙන ආකාරයටත් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

එනම් එක් නැකැතක් අවසන් වූ පසු අනෙක් නැකතට ඇති වේලාව එහි දර්ශනය (Countdown) වේ. මෙම ලිත මගින් අලුත් අවුරුදු නැකැත් පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබාදීමට ද කටයුතු කර තිබේ. සෑම නැකැතකම තේරුම හා වැදගත්කම වෙන් වෙන් වශයෙන් පැහැදිලි කර දී ඇත. එය සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍රවලට පසුබිම් වූ කරුණු කාරණා දැනගැනීමටත් වැදගත් වේ.

නව අදහස දක්වන්න