පරපුරෙන් පරපුරට සුවපත් කරන මොරි­සන්ස් ග්‍රයිප් මික්ස්චර් | දිනමිණ

පරපුරෙන් පරපුරට සුවපත් කරන මොරි­සන්ස් ග්‍රයිප් මික්ස්චර්

රක්ෂණ ශ්‍රියන්ත

වැඩුණු දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ උදරයේ වේදනාවලට පෙරටත් වඩා ක්‍රියාකාරී සහනයක් ලබාදීම සඳහා, සිය සම්ප්‍රදායික ග්‍රයිප් මික්ස්චර් නිෂ්පාදනයට ස්වභාවික ඉඟුරු සාරය එකතු කර වැඩිදියුණු කර නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට ජේ. එල්. මොරිසන් සමාගම කටයුතු කර තිබේ.

ළදරුවන්ට ලබාදෙන සිරප් වර්ගයක් ලෙස මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් දශක ගණනාවක් තිස්සේ මෙරට දෙමාපියන්ගේ විශ්වාසයට දිනා සිටී.

නව නිෂ්පාදනය නිසා දැන් වයසින් වැඩුණු පසුද මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් රසය ස්වභාවික ඉඟුරු රසයද සමගින් අත්විඳීමේ අවස්ථාව සැමටම හිමිවී ඇත. උදරයේ වේදනාවන්ට සහනය දෙන අගනා ඔසුවක් වන මෙය පහසුවෙන් මිලදීගෙන භාවිතා කළ හැකි වේ.

මෙය සාම්ප්‍රදායිකව කුඩා දරුවන්ගේ උදරාබාධ සමනය කරවීමට භාවිතා කළද ඕනෑම කෙනෙකුගේ උදරයේ ආම්ලිකතාව හා වාතය පිරීම වැනි ගැටලූවලදී සහනය ලබා ගැනීම සඳහාද භාවිතා කළ හැක.

වැඩුණු දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ස්වභාවික ඉඟුරු සාරයද එක්කර නිපදවා ඇති නව මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් නිෂ්පාදනය වැඩි ක්‍රියාකාරීත්වයකින් මෙන්ම වැඩි රසයකින්ද යුක්ත ය. ඉඟුරුවල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ සහ දැවිල්ල සමනය කිරීමේ හැකියාව වැනි ගුණාංග නිසා නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වන අතර ආහාර ජීර්ණය පහසු වීම, උදරයේ ආම්ලිකතාව අඩුවීම සහ ආන්ත්‍රික පීඩාවන් සමනය වීම වැනි සහනදායී ප්‍රතිඵල රැසක්ද හිමි වේ.

ග්‍රයිප් මික්ස්චර් යනු උදරයේ ගැටලූ මූලික අදියරේ පැවතියදී ගතයුතු ඔසුවක් වන අතර රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම් රෝගියා වෛද්‍යවරයෙකු හමුවිය යුතු ය. වැඩිහිටියෙකු පැය 24 ක් තුළ වරකට තේ හැඳි 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් බැගින් මාත්‍රා 8 ක් දක්වා ගැනීම සුදුසු වේ. ළදරුවන් සඳහා වන මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් සහ ඉඟුරු සහිත මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් යන නිෂ්පාදන දෙකම දිවයින පුරා ඔසුසල් සහ ග්‍රොසරි අලෙවිසල්වලින් ලබාගත හැක.

ජේ. එල්. මොරිසන් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී සමාගම ඖෂධ ක්ෂේත්‍රයේ මෙන්ම පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේද විශාලතම සමාගම් අතරින් එකකි. දශක 7 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරටට ඉතාමත් ජනප්‍රිය සන්නාම රාශියකින් එන නිෂ්පාදන හඳුන්වා දී ඇත. මේ අතරට මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර් මෙන්ම ලැක්ටෝ කැලමයින්, මොරිසන්ස් බේබි සහ වැල්මෙලික්ස් සිරප් වැනි නිෂ්පාදන රාශියක් ඇතුළත් ය.

දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද උදරාබාධවලට සහනය ලබාදීමේ අරමුණින් ඉඟුරු සහිත නව ග්‍රයිප් මික්ස්චර් හඳුන්වා දුන් බව ජේ. එල්. මොරිසන් සමාගමේ සහකාර සන්නාම කළමනාකරු වන සහන් මෙන්ඩිස් මහතා පැවසී ය. ˜කුඩා දරුවන් ලෙස ග්‍රයිප් මික්ස්චර් රසට හුරුවූ අය වැඩිහිටි වූ පසුවත් ඒ රසයට ප්‍රිය කරනවා. මේ ආකාරයට ස්වාභාවික ඉඟ=රු සාරය සහිත ග්‍රයිප් මික්ස්චර් නිෂ්පාදනයක් හඳුන්වා දීමට අප තීරණය කළේ ඒ නිසයි. ඉඟුරුවල ක්‍රියාකාරීත්වය සහ රසය නිසා මෙය පාරිභෝගිකයන් අතර ඛෙහෙවින් ජනප්‍රිය වේවි. ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මීට අමතරව මොරිසන්ස් වෙතින් කාන්තා දින වැඩසටහන්, ගර්භනී මව් වරුන් සඳහා සම්පන්ත්‍රණ, පුද බිම් ආශ්‍රිත දරුවන් සහ මව්වරුන් උදෙසා මව්කිරි ලබා දීම පහසුවෙන් සිදුකිරීමට කුටි ඉදි කිරීම, උතුම් මාතෘත්වය පිළිබඳව බස් රථවල දැනුවත් කිරීම වැනිදේද සිදුකරන බව වෙළෙඳ නාම කළමණාකරනී ලෂිකා අබේවික්‍රම පැවසු අතර කොළඹ බැස්ටියන් මාවතේ මොරිසන්ස් සිඟිති කැඳැල්ල ඇරඹූ බවත් ඒ තුළදී දරුවන්ට මව්කිරි ලබාදීම දරුවන් සෝදා පවිත්‍ර කිරීම ඇඳුම් මාරු කිරීම සිදුකළ හැකිබවද වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

 

නව අදහස දක්වන්න