යුනියන් බැංකුව මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට | දිනමිණ

යුනියන් බැංකුව මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට

යුනියන් බැංකුව 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් අනුව තම ස්ථානය ඉහළට රැගෙන ඒමට සමත්වී සිටී. බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සිදු කළ මේ ශ්‍රේණිගත කිරීමේ දී යුනියන් බැංකුව පෙර වර්ෂයට වඩා ස්ථාන හයකින් ඉහළට පැමිණ තිබේ. බැංකුවේ සන්නාම අගය පෙර වර්ෂයට වඩා 18.5% කින් ඉහළ ගොස් තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 757 ලෙස සනිටුහන් වේ. එම ශීඝ්‍ර වර්ධනයෙන් පෙන්නුම් කරනුයේ යුනියන් බැංකු සන්නාමය කෙරෙහි ඇති පාරිභෝගික බැඳීමෙහි සවිමත්භාවයයි.

2017 වර්ෂයේ දී යුනියන් බැංකුව සන්නාම ශ්‍රේණිගත කිරීම් ඔස්සේ ඉහළට පැමිණීම මගින් පැහැදිලි වන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකු සේවා සම්පාදකයකු වශයෙන් සිට පුළුල් පරාසයක පැතිරුණ ආයතනික, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ පාරිභෝගික බැංකුකරණ යන අංශයන් වෙත අවශ්‍ය පරිපූර්ණ වාණිජ බැංකුකරණ සේවා සම්පාදකයකු බවට පත් වීමේ ක්‍රියාවලියෙහි සාර්ථකත්වයයි.

නවතම සන්නාම ශේණිගත කිරීම් පිළිබඳව අදහස් දක්වමින් යුනියන් බැංකුවේ සහකාර උප ප්‍රධානී - අලෙවිකරණ, තිශානි දිසානායක මහත්මිය මෙසේ සිය අදහස් දක්වා සිටියාය. ‘බැංකු ක්ෂේත්‍රයෙහි පරිපූර්ණ වාණිජ සේවා ලබා දෙන බැංකුවක් වශයෙන් අප සිදු කළ නව්‍ය ක්‍රමෝපායික ස්ථානගත වීම මේ විශිෂ්ට ශේණිගත වීම සහ විශිෂ්ට සන්නාම වටිනාකමක් හිමි කර ගැනීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙන බව ඉතාම පැහැදිලියි. ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත ආයෝජන සමාගමක් වන TPG සහ යුනියන් බැංකුව අතර සිදු කරන ලද ක්‍රමෝපායික අතින් ඉතාම වැදගත් ආයෝජන කර්තව්‍යය නිසා නව්‍ය ව්‍යාපාරික ආකෘතියක් ඔස්සේ ඉදිරියට යාමට අපට අවස්ථාව ලැබුණා. 

නව අදහස දක්වන්න