සයිටම් විරෝධීන්ගේ ක්‍රියා රටට අපකීර්තියක්-හානියක් | දිනමිණ

සයිටම් විරෝධීන්ගේ ක්‍රියා රටට අපකීර්තියක්-හානියක්

බුද්ධිකා ඉඹුලාන

සයිටම් විරෝධී කණ්ඩායම් රටේ ජන ජීවිතය අඩාල කරමින් මහජන දේපළ කඩා බිඳ දමමින් සිදු කරන විනාශ කාරී ක්‍රියා මේ රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කර රට ආපස්සට ඇද දමන අමන ක්‍රියාවක් බව එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

පෙරේදා (21) සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළවලට හානි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ආයෝජන එක් කරන විදෙස් සංවිධාන නියෝජිතයන් ඒ අවස්ථාවේ අමාත්‍යාංශයේ සිටියේ නම් ජාත්‍යන්තරය වෙත අප රට ගැන යන පණිවිඩය භයානක විය හැකි බවද අමරවීර මහතා පෙන්වා දෙයි.

'ජනාධිපතිතුමන් සයිටම් ප්‍රශ්නයට සාධාරණ විස ඳුමක් ලබා දී තිබෙනවා. එසේ තිබියදීත් දැන් මෙ කරුණ වෙනත් මඟකට හරවා ගෙන ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කරන්න, ආණ්ඩුව පෙරළන්න වෑයම් කරන්නේ යැයි කියන කණ්ඩායමක් උත්සහ කරනවා.මටත් මේකණ්ඩායම් සමඟ ඒ ගැන සාකච්ඡා කර විසඳුමකට එන්න අපහසු වුණා. මේ සිසුන් මෙම අවැදගත් උද්ඝෝෂණවලට යොදා ගන්නේ ඇතැම් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධානවල ඕනැකමටයි.

ශිෂ්‍යයන්ට පහර දීම හරි යැයි මා කියන්නේ නෑ.නමුත් එම ශිෂ්‍යයන් එහිදී හැසිරුණු ආකාරය ජනතාව කිසිසේත් අනුමත කරන්නේ නැහැ. අමාත්‍යංශයේ දේපළ විනාශ කරන්න මේ අයට කිසිඳු අයිතියක් නැහැ. මේ අය අධිකරණ නියෝගවලටත් පටහැනිවයි කටයුතු කරන්නේ. මෙහෙම ගියොත් රට පාලනය කරන්නේ කෙහොමද? අධිකරණය ගැන මිනිසුන්ට තිබෙන වීශ්වාසය නැති වෙනවා.

ඊයේ (22) පැවැත්වුණු වෛද්‍ය වැඩ වර්ජනය ඉතාමත් ඵල රහිතයි. මෙයින් අයහපත් ප්‍රථිඵල අත්වුණේ ආණ්ඩුවට නොවෙයි. ජනතාවටයි. රජයට මෙයින් පාඩුවක් නෑ. එදා දවසට බෙහෙත් , විදුලිය, ජලය ඉතිරි වුණා. නමුත් අහිංසක ජනතාව මෙයින් මොනතරම් පීඩා විඳිනොද? රටේම ඩෙංගු අවදානමක් පැතිර යද්දී , ඩෙංගු රෝගීන් සිය ගණන් රෝහල්වල ප්‍රතිකාර ලබද්දී මේ අය වර්ජනය කරමින් අපහසුතාවට පත් කරන්නේ කාවද කියා සිතා බැලිය යුතුයි. සල්ලි තිබෙන අය පෞද්ගලික රෝහල්වලට යන්න ඇති. නමුත් දුප්පත් රෝගීන්ට ඊයේ අත්වු ඉරණම කුමක් වන්නට ඇතිද යන්න අප සිතා බැලිය යුතුයි. 

අදහස් 1ක් ඇත

MODA KATA KIYANNA EPA AMARAWEERA ,,JANADIPATHI GONATA ANDALA RAJITHA HITHUWAKKARA KAMATA SAITEM RO HALA GATTA EKADA VISADUMA ,,,UGATH LAMAI DIYAWANNAWE INNA SSC NATHI PIRISA WAGE HITHALA PRAKASA NIKUTH KARANNA EPA ,,HARINAM RAVITA WAGE RAJITHATHATH IWATH KARANNA THAMUNLA JANADIPATHIUTHUMANANTA KIYANNA ONE NAYAGEWA GANNA BARIWA HODA DEPALA PITARETIYANTA DEMAWA ,,THAWA NAYAK ARAN MASEKATA KOTI 70 GANE DENNA YANAWA WASARA 10TA KOTI 8400 HENA GAHANA APARADA ,,,SAITEM SAWA SAITEM DAROWOTH RAJAYE VISWA VIDYALA WALATA ANUYUKTHAKARA VISADIYA YUTHUYA NEWATH PUDGALIKA WEDA KADA EPA ,,JANATHAWA GONATA ANDANNA EPA MAHINDA

නව අදහස දක්වන්න