පළාත් 09ටම අද සහ හෙට වැසි | දිනමිණ

පළාත් 09ටම අද සහ හෙට වැසි

අද දිනයේදී හා හෙට දිනයේදී නැගෙනහිර, උෟව, උතුරු හා උතුරුමැද පළාත්වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                                 මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                                  2017අගෝස්තුමස23 වන දින උදෑසන 05.30ට නිකුත් කරන ලදි

අද සහ හෙට දිනවලදී (23 සහ 24) නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැදපළාත් වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවති.

නැගෙනහිර, ඌව, උතුරුසහඋතුරුමැදපළාත්වලසවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.විශේෂයෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිවු, වවුනියාව, අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට තරමක තදවැසි (මි. මි. 50 කපමණ) ද බලාපොරොත්තුවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල  සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ.

(ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ)

                                                   ඉදිරි පැය24සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                                  2017අගෝස්තුමස23 වන දින උදෑසන 05.30ට නිකුත් කරන ලදි

පුත්තලමසිටකොළඹ,ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ.

සුළං බස්නාහිර සිට නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක්පමණවේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 50-55 දක්වාවැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට තරමක් රළුවිය හැක.

නව අදහස දක්වන්න