කැලණි වැලි වැවිලි සමා­ගම දක්ෂතා අග­ය­මින් වතු සේව­ක­යන්ට සම්මාන පිරිනමයි | දිනමිණ

කැලණි වැලි වැවිලි සමා­ගම දක්ෂතා අග­ය­මින් වතු සේව­ක­යන්ට සම්මාන පිරිනමයි

කැළනි වැලි වැවිලි සමාගමේ පරමාර්ථය ලාබ ලැබිමට වඩා මේ වතු කම්කරු ජනතාවගේ ජිවන තත්වයන් නඟා සිටුවිමයි.මෙම කම්කරු ජනතාවගේ පවුල් හොදින් සතුටින් සිටිනවානම් එය අපිටත් විශාල සතුටක්.

කැළනි වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි සරත් සිරිවර්ධන මහතා මේ බව පවසන ලද්දේ එම වැවිලි සමාගමේ කම්කරුවන් සදහා සම්මාන ප්‍රධානය කිරිමේ උත්සවයක් අමතමිනි.

මෙම උත්සවය හැටන් ප්‍රින්ස් ශාලාවේදි 04වන දින පැවති අතර මෙහිදි කැළනිවැලි වැවිලි සමාගමේ හැටන් හා නුවරඑළිය ප්‍රදේශිකවලට අයත් වතු 14ක කම්කරුවන් හයසියයකට(600) අධික පිරිසකට සම්මාන හා තැගි ප්‍රධානය කරමින් ඔවුන් ඇගයිමට ලක්කරන ලදි.

මෙහිදි වැඩි දුරටත් කතා කල සරත් සිරිවර්ධන මහතා තේ කර්මාන්තයට වසර 150ක් පිරෙන විට කැළනිවැලි වැවිලි සමාගමට වසර 25ක් සැපිරෙනවා මෙම කාලය තුළ ප්‍රථම වරටයි මේ වතු කම්කරුවන් මෙසේ ඇගයිමකට ලක් කරන්නේ මෙය වතුකරයේ නව පරිච්ඡේදයක් බවට පත්වෙයි.

තේ කර්මාන්තයේ ප්‍රධාන ජිවය ඔබයි තේ කර්මාන්තයේ සියයට අසුවක් පමණ ඉන්නේ ඔබලායි අද දිනයේ මෙසේ ඔබලා සම්මානයට ලක්කිරිමෙන් ඔබලා තවත් දිරිමත් වෙයි කියා හිතනවා.

රොෂාන් රාජදුරෙයි මහතා කළමණාකාර අධ්‍යක්ෂ කැළනිවැලි වතු සමාමේ හා හේලීස් ආයතනය මෙම සම්මාන ප්‍රධානය ඉතා හොදික් සංවිධානය කිරිම පිලිබදව සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා මෙ සම්මාන ප්‍රධානය මඟින් අපි බලාපොරොත්තු වන්නේ අප වතුවල ප්‍රධාන පිරිස වන ඔබ කරන සේවය ඇගයිමට ලක් කිරිමටයි.

අපගේ ප්‍රධාන අරමුණ මේ වතු ප්‍රජාවගේ ජිවන තත්වයන් නගා සිටුවමින් ඔවුන්ගේ දරු පවුල්ද නඟා සිටුවිමයි. ඒ සදහා අපි විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා අපගේ වතුවල මානව සම්පත් ප්‍රවර්ධන කණ්ඩායම් සිටින අතර ඔවුන් මෙම වතු ප්‍රජාව ගැන නිරන්තරයෙන් සොයා බැලිම් සිදු කරනවා.

එම්. ඩි. උමයහංගනා මහත්මිය (සම්මාන ලැබු කාන්තාවක්) මෙවැනි උත්සවයක් පැවැත්විම ඉතා හොද දෙයක් මෙම වැවිලි සමාගමේ විධායක නිලධාරින් මෙසේ අප පිලිබදව සිතා බලා අපව ඇගයිමකට ලක් කිරිම තුළින් අපි තවත් දිරිමත් වෙනවා.

මෙවැනි ඇගයිම් වසරක් පාසා කරන්නේ නම් අපි තවත් දිරිමත් වෙයි. ඒ තුළින් මේ වතුවල සේවය කරන සැමගේ හැකියාවන් තවත් වර්ධන වෙයි කියා මා සිතනවා. මෙසේ අපිව ඇගයිමට ලක් කිරිමට කටයුතු කළ සියලුම දෙනාට අප සැමගේ ස්තුතිය මේ අවස්ථාවේදි පුද කරනවා.

මෙහිදි මෙම සමාගමේ විධායක නිලධාරින්ට උපහාර දැක්විමටද වතු කම්කරැවන් පිරිසක් පියවර ගන්නා ලදි 

නව අදහස දක්වන්න