වාහ­නේට කුඩ­යක් | දිනමිණ

වාහ­නේට කුඩ­යක්

 ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට මෝටර් රථ සඳහා විප්ලවීය කුඩයක් හඳුන්වා දෙයි. කඳුරට මෝටර් රථ කුඩය මෙරට සෑම මෝටර් රථ හිමිකරුවකුම සතුව තිබිය යුතු වර්ගයේ එකක් වන අතර, එය අසුරා ඇති ආකාරය නිසා භාවිත කිරීම ඉතා පහසුය.

අංග සම්පූර්ණ ආකරයෙන් සහ ප්‍රමාණයෙන් විශාල වුවත් ඉතා උසස් තත්ත්වයෙන් සහ ගෙනයාමට පහසු ආකාරයට නිපදවා තිබීමෙන් එය ඔබේ මෝටර් රථයේ ඉඩ ඉතිරි කරයි. ඉතා සැලකිලිමත් ලෙස නිෂ්පාදනය කර ඇති කඳුරට මෝටර් රථ කුඩය ඉතා අලංකාර වූත්, tප්‍රායෝගිකවූත් මෙවලමකි. එමෙන්ම ‘සී’ හැඩයෙන් යුත් කුඩයක් වන බැවින් ඔබේ දෑතට කිසිදු අපහසුවක් නොදැනෙනු ඇත.

එහි හුරුබුහුටි බවත්, නැමීම් සලකුණු සටහන් නොවන ආකාරයට නිපදවා ඇති නිසාත් වෙනත් කුඩ වර්ගවලට වඩා වෙනස්ය. එය හැකිලීමේ දී වියළි මතුපිට පිටතට මතුවන බැවින් ඔබේ මෝටර් රථය තුළට වැසි බිඳු පතිතවිම වළක්වාලනු ඇත.

ප්‍රමුඛතම සුළඟට ඔරොත්තු දෙන රෙදි වර්ගයකින් නිපදවා ඇති කඳුරට මෝටර් රථ කුඩ කල් පවත්නා ෆයිබර්ග්ලාස් සහ නැනෝ තෙතමනය නොරැඳෙන තාක්ෂණය අනුව නිෂ්පාදිතය. එය ඔබේ සාමාන්‍ය කුඩයට වඩා තුන්ගුණයකින් ජලය රැඳීමෙන් ආරක්ෂිතය.

විවිධ වර්ණවලින් යුතු ඔබේ රුචිකත්වයට අනුව තෝරාගත හැකි මාදිලියෙන් නිෂ්පාදිත කඳුරට මෝටර් රථ කුඩ ඔබේ ආදරය දිනූ සමීපතමයන්ට තෑගි කිරීමට ද කදිමය. එමෙන්ම එය ඔබට සරිලන මුදලකට මිලදී ගත හැකිය. 

නව අදහස දක්වන්න