ගම්පොළ නගරයේ කසළ මහවැලි ගඟට | දිනමිණ

ගම්පොළ නගරයේ කසළ මහවැලි ගඟට

ගම්පොළ නගරයේ කසළ ඉවත් කිරීමට ස්ථානයක් නොමැතිව පැන නැගී ඇති ගැටලුත් සමඟ ප්‍රදේශවාසීන් තම කසළ මළු මහවැලි ගඟට දැමීමට පුරුදුවීතිබේ.

ගම්පොළ නගර සභාවට මීටර් 100ක් පමණ දුරින් ඇති ගම්පොළවෙල පාලම මතින් මෙම කසළ මහවැලි ගඟට දැමීම සිදුවේ.

මෙම පාලම අසල පදිංචිකරුවන් පවසන්නේ මෙම ස්ථානයට පැමිණෙන ත්‍රීවිල්, වෑන් ඇතුළු විවිධ වාහනවලින් මෙසේ කසළ මළු ගඟට දමන බවයි. මෙම පාලම යටින් කීරපන ඇළ ගමන කරන අතර ඒ අසලම මහවැලි ගඟ හමුවේ.

පේරාදෙණිය ජල යෝජනා ක්‍රමය මගින් මෙම මහවැලි ග‍ඟේ ජලය නැවත ජනතාව වෙත ලබාදෙන අතර ලක්ෂයකට අධික පිරිසකගේ පානීය ජලය ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා මෙමගින් සපිරේ.

එසේ තිබියදී මහවැලි ගඟට එකතුවන මෙම අපද්‍රව්‍ය නිසා දැඩි සෞඛ්‍ය ගැටලුවක් ඇතිවේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිළිබඳව නගර සභාව ගඟ ඉහළ ප්‍රාදේශීය සභාව ඇතුළු බලධාරින්ට පැවසුවත් ඒ පිළිබඳව ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මෙම පාලමෙන් පහළට දමන කසළ මළු අවට ස්ථානවලට ද පතිතවීම නිසා ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් ද ඇති අඅතර නගරයේ එකතුවන කුකුල් අපද්‍රව්‍ය අසූචි හා නිවාසවල එකතුවන අපද්‍රව්‍ය මේ තුළින් ජලයට දමන බව ප්‍රදේශවාසීහු පවසති.

ගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න