ලෝක විනාශය සම්බන්ධයෙන් අළුත් තොරතුරක් | දිනමිණ

ලෝක විනාශය සම්බන්ධයෙන් අළුත් තොරතුරක්

ලෝක විනාශය සම්බන්ධයෙන් නවතම පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

අමෙරිකානු විද්‍යාඥයෙකු සඳහන් කරන අන්දමට මෙම මස 15 වැනිදායින් ලෝක විනාශය ඇරඹෙයි.

එතැන් සිට ඉදිරි වසර 7ක් ඇතුළත ලෝකය සම්පූර්ණයෙන් විනාශ වන බවයි ඔහු පවසා ඇත්තේ.

අමෙරිකානු ජාතික ඩේව් මීඩ් නම් එම විද්‍යාඥයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව සමච්ඡල් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඇතැමුන් ඔහු මානසීක රෝගියෙකු බව ද පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඩේව් මීඩ්ගේ සමීක්ෂණයකට අනුව පසුගිය අගොස්තු මස 21 වන දින අමෙරිකාවට දිස්වූ සුර්ය ග්‍රාහනය ලෝක විනාශයේ පළමු සංඥාව බවයි ඔහු කියා සිටියේ.

එම සුර්ය ග්‍රාහණයෙන් පසු ලෝකයේ විවිධ ස්ථානවල විවිධ ආකාරයේ විනාශ වාර්තා වූ බව පෙන්වා දෙන ඩේව් මීඩ් වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී ද එවැනි විපත් රැසක් වාර්තා වනු ඇති බවයි.

අමෙරිකාව, රුසියාව, උතුරු කොරියාව,චීනය, ඉරානය වැනි රටවල මිසයිල පද්ධති ස්ථාපනය කිරිම පවා ලෝක විනාශයේ පෙර නිමිති බවයි අමෙරිකානු විද්‍යාඥ ඩේව් මීඩ්ගේ නිගමනය වී තිබෙන්නේ.

කෙසේ වෙතත්, ලෝක විනාශය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ තරාතිරමේ විවිධ පුද්ගලයන් වෙනස් ආකාරයේ අර්ථ කථන  දක්වා  තිබුණි.

එහි ආසන්නතම සීදුවීම 2012 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දීය.

2012 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ලෝකය විනාශ වන බව පැවසුව ද එදින කිසිවක් ලොව කිසිඳු ප්‍රදේශයකින් වාර්තා නොවිණි.

 

අදහස් 2ක් ඇත

නව අදහස දක්වන්න