ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

නොවැම්බර් මස 08 සිට 14 දක්වා

මේෂ
පෙම්වතුන්ට යහපත්

වෘත්තීමය හදිසි ගමන් බිමන් ඇති වේ. එසේම වෘත්තියේ වෙනසක් ඇතිවිය හැක. වාසස්ථානයේ වෙනස්කම්වලට ද තුඩුදෙන කරුණු ඇති වේ. ප්‍රභූන් හා සමාජගත‍ වෙයි. දේශපාලන ක්‍රියාකාරකම්වලට ද සම්බන්ධව වැඩ කරයි. මඟුල් තුලා කටයුතු සාර්ථක වේ. කලා ක්ෂේත්‍රයේ නිරතවුවන්ට ඉස්මතුවීමට අවස්ථාව සැලසේ. ලියකියවිලි, ඔප්පු තිරප්පු ආදියෙන් ලබන පැවරුම් ලැබෙනු ඇත. වෘත්තීමය වශයෙන් භාරකාරත්වයක් ලැබිය හැක. අධ්‍යාපනයට සුබ ‍වේ. පෙම්වතුන්ටද යහපත් සතියකි. මුත්‍රා ආබාධ ඉස්මතු වේ.

වෘෂභ
ප්‍රතිවාදීන් අභිබවයි

අය පක්ෂය යහපත්. හදිසි ධනවාසි ඇත. ලොතරැයි දිනුම් ලැබිය හැක. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. උසස් අධ්‍යාපනයට අවහිරතා ඇති වෙයි. හවුල් ව්‍යාපාරවලදී මුදල් හිරවීම් ඇති විය හැක. යුගදිවියේ සමඟිය පළුදු වේ. අපේක්ෂා කළ විදෙස්ගමන් කල් යා හැක. කොන්ත්‍රාත් ව්‍යාපාර ආදියට හිතකර තත්ත්වයකි. කෙටි ගමන් ඇති වේ. තම සේවා ස්ථානයේ කටයුතුවලට නායකත්වය දේ. ප්‍රතිවාදීන් අභිබවයි. සෙම් රෝග ඇති විය හැක.

මිථුන
පවුල් අවුල් ඇතිවේ

පවුල් ජීවිතයේ සමඟිය බිඳී යා හැක. හවුල් ව්‍යාපාරිකයන් අතර ද අසමඟිය ගොඩනැඟෙයි. අය පක්ෂය නරක නැත. හදිසි ධන වාසි ද ඇත. කොන්ත්‍රාත් ව්‍යාපාර අඩමාන ව්‍යාපාර ආදියෙන් අවාසි නැත. මඟුල් තුලා කටයුතුවලට විවාහ යෝජනා ආදියට යෝග්‍ය සතියක් නොවේ. පාසල් අධ්‍යාපනයට හිතකර නැත.

කලා ක්ෂේත්‍රයේ නිරතවූවන් ඉස්මතුවීමට අවස්ථාව උදාකර ගනී. පෙම්වතුන්ගේ අපේක්ෂා ඉටු වේ. ලොතරැයි වාසි ඇතිවිය හැක. විදේශ මූලාශ්‍රවලින් ලබන ආදායම්වල පසුබෑමක් ඇත. රුධිර දෝෂ ඉස්මතු වේ.

කටක
අය පක්ෂය හොඳයි

‍කොන්ත්‍රාත් ව්‍යාපාර වැනි දෑට ආයෝජන යොදයි. ඒවායින් ඵල ප්‍රයෝජන ලැබේ. අය පක්ෂය නරක නැත. හදිසි කෙටි ගමන් යෙදේ. වෘත්තීමය වශයෙන් යන ගමන්ද වේ. ප්‍රතිවාදීන් පැරදවිය හැක. ඉඩකඩම් නඩු හබ ජයගත හැකිය. යුග දිවි සමඟියට බාධා ගෙනදීම සිදු වේ. අධ්‍යාපනයට යහපත්ය. චිත්ත ඒකාග්‍රතාව ඇති වේ. පෙම් සබඳතාවලට අවහිරතා ඇතිවෙයි. තම බාල සහෝදරයන්ගෙන් උපකාර ලැබේ.ගුප්ත රෝග ඇති වේ. වකුගඩු ආබාධ ඇති විය හැකිය.

සිංහ
කරදර බාධක ඇතිවේ

කොන්ත්‍රාත් ව්‍යාපාර ආදියේ යෙදී සිටින්නන්ට යහපත් නැත. කරදර බාධක ඇති වේ. ‍ගනු ලබන තීරණද අවාසියට හේතු විය හැක. හදිසි වියදම් අධික වේ. පාසල් අධ්‍යාපනයේ වැඩකටයුතු ප්‍රමාදයට ලක්විය හැක.

එහෙත් සැලසුම්සහගත වේ. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ටද හදිසි වියදම් අධික කාලයකි. විදේශ මූලාශ්‍රවලින් යම් ආදායමක් ලබන්නන්ට වාසිදායකය. රෝගවලින් සුව ලැබේ. මඟුල් තුලා කටයුතුවලට අවහිරතා ඇත. අපේක්ෂා කරන විදේශ ගමන් කල් යයි. රුධිර දෝෂ ඇති වේ.

කන්‍යා
විදෙස් ගමන් ප්‍රමාදවේ

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍ර‍යට දැඩි බාධා ගෙන දේ. උසස් අධ්‍යාපනයට සුබ වේ. බොහෝ කාර්යයන් මන්දගාමීව හෝ කරගැනීමට හැකියාව ඇත. හදිසි කෝපය හට ගනී. වෘත්තීමය කටයුතුවලට හොඳයි. කලා ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට ඉස්මතුවීමට හැකි වාතාවරණයක් ගොඩනැඟේ. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට මේ සතිය නරක නැත. සමස්තයක් වශයෙන් අය පක්ෂය අසාර්ථක නොවේ. විදේශ ගමන් අපේක්ෂා කරන්නන්ට ප්‍රමාදවලට ලක්විය හැක. ප්‍රභූන්ගෙන් උදව් ලැබේ. ළය පීනස ඇතිවිය හැක.

තුලා
වෘත්තීමය වෙනස්කම්

බොහෝ කාර්යයන් තම උත්සාහයෙන් කරගැනීමට හැකියාව ඇත. එසේම ඒවා සාර්ථක වෙයි. ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රභූන්ගෙන් උදව් උපකාර ලබයි. හදිසි ආයෝජන යොදයි. පාසල් අධ්‍යාපනයේදී යම් පසුබෑමකට ලක් වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සාර්ථකය.

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. වෘත්තීමය කලාකරුවන් ඉස්මතු වී පෙනීමට අවස්ථාව ලැබේ. පෙම්වතුන්ට හොඳ කාලයකි. වෘත්තීමය වෙනස්කම් සිදු විය හැක. දියවැඩියාව, ඉස්මතු විය හැකිය. ප්‍රවේශම් වන්න.

වෘශ්චික
මිතුරන්ගෙන් උදව්

හදිසියේ හමුවන මිතුරන්ගෙන් උදව් ලබයි. ආදායම් ඉපයීමේ කටයුතුවලදී මන්දගාමීව සැලසුම් සහගතව ක්‍රියා කරයි.

එහෙත් මහන්සියේ තරමට ආදායම මද වේ. කලාවේ නිරතවූවන්ට ප්‍රසිද්ධියට පත් විය හැක. වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ගැටලු සහගත තැන් බොහෝ මඟ හරවා ගත හැක. දුර බැහැර අයෙකු හා ප්‍රේම සබඳතාවක් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිය. විවාහ මංගල යෝජනාවල පසුබෑමක් පෙන්වයි. සෙම් රෝග ඇති වේ.

ධනු
හදිසි සබඳතා

හදිසි ධනවාසි ඇත. පියාගෙන් මෙන්ම ප්‍රභූවරුන්ගෙන් ද උපකාර ලබයි. කේළාම්, පෙත්සම් වැනි රහස් සතුරු කුමන්ත්‍රණවලට භාජනය විය හැක. සමාජයෙන් අපවාද අවලාද ලබයි. පැවිදි නායකයන්ගෙන් විද්වතුන්ගෙන් උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. පාසල් අධ්‍යාපනය සාමාන්‍ය මට්ටමක පවතී. පින්දහම් හා දානමාන ආදි පුණ්‍ය කටයුතුවල යෙදෙයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට බාධා අඩුවේ. හදිසි ප්‍රේම සබඳතා ඇති වේ. උගුරේ බෙල්ලේ අමාරු ‍ඇති වේ.

මකර
අධ්‍යාපනයට සුබයි

මානසික පීඩා ඇති වේ. ඉතිරි කිරීම්වලට අපහසුය. වැය පක්ෂය වැඩි වෙයි. වෘත්තීමය පරිපාලන කටයුතු සාර්ථක වේ. එම තනතුරු හොබවන්නන්ට පිළිගැනීම් ප්‍රශංසා හිමි වේ. හදිසි දුර බැහැර ගමන් විදේශ ගමන් සඳහා වාතාවරණයක් යෙදේ. අධ්‍යාපනයට සුබදායකය. විශේෂයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා පර්යේෂණ ගවේෂණ ආදී කටයුතුවලට උචිත යෝගයක් ඇත. කලාවට හිතකරය. වෘත්තීමය වශයෙන් පිළිගැනීම්වලට ලක් වෙයි. පෙම්වතුන්ට සුබයි. රුමෙටික් ආබාධ ඉස්මතු විය හැක.

කුම්භ
ජලයෙන් අනතුරු

වැඩිමහල් සහෝදරයන්ගෙන් උපකාර ලබයි. මිතුරන්ද උදව් උපකාර කරයි. ව්‍යාපාරයක් සඳහා ආයොජන යෙදවීමට කටයුතු සැලසේ. රහස් සතුරු කුමන්ත්‍රණ ඇත.ඒවා කොඩිවින ස්වරූපයෙන්ද පැමිණිය හැකිය. වෘත්තීමය වශයෙන් උසස්වීම් වලට නිර්දේශ වේ. විදේශීය මූලාශ්‍රවලින් ධනය ලබන්නන්ට එහි වර්ධනයක් පෙන්නුම් කරයි. වෘත්තීමය කලාකරුවන්ගේ ප්‍රගතියක් පෙන්වයි. හදිසි ජල අනතුරු ඇත. රුධිර දෝෂ ඉස්මතු වේ.

මීන
උසස්වීම් ලබයි

ධන හානි පෙන්වයි. ගනු ලබන තීරණ අවාසි සහගත වෙයි. අඩමාන ව්‍යාපාර, කොන්ත්‍රාත් ව්‍යාපාර යනාදියේ යෙදී සිටින්නන්ට සුබ නැත. එහෙත් ආයතන රැකියා පරිපාලන ආදී තනතුරු දරන්නන්ට වරප්‍රසාද උසස්වීම් ලැබීමට කටයුතු සැලසේ. අධ්‍යාපනයට බාධා නැත. කලා ක්ෂේත්‍රයේ නිරතවුවන් අපවාද අවලාද ආදියට භාජනය විය හැක. අධි රුධර පීඩනය ඉස්මතුවීමට හැකි බැවින් ප්‍රවේශම් වන්න.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න