SLIM Brand Excellence හිදී Huawei පිදුම් ලබයි | දිනමිණ

SLIM Brand Excellence හිදී Huawei පිදුම් ලබයි

මෙරට අංක එක දක්වා වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei පසුගිය දා පැවැති SLIM Brand Excellence හිදී වසරේ හොඳම ජාත්‍යන්තර සන්නාමය ලෙස ලෝකඩ පදක්කම හිමිකර ගනියි. මේ සම්මාන උළෙල පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ‘විශිෂ්ටත්වය විදහා දැක්වීම’ යන තේමාව යටතේ පැවැත් වූ මේ සම්මාන උළෙල මෙරට සන්නාම අතුරින් ප්‍රමුඛතම සන්නාම වෙත සම්මාන ප්‍රදානය කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන සම්මාන උළෙලකි. මෙහි දී සම්මාන ලැබූ එකම ස්මාර්ට්ෆෝන් සමාගම Huawei වීම ද මෙහි දී දක්නට ලැබුණු විශේෂත්වයකි.

සන්නාමයේ ක්‍රියාකාරීත්වය, සන්දර්භය, වර්ධනය සහ මුල්‍ය ශක්‍යතා යනාදී කරුණු පදනම් කර ගනිමින් සැකසුන ඇගයීමේ ක්‍රමවේදයක් යටතේ මේ සඳහා වූ නාම යෝජනා විනිශ්චයට ලක් කිරීම මගින් අවසන් ජයග්‍රාහකයන් තෝරාගෙන තිබේ.

නව අදහස දක්වන්න