ලිට්ල් ඒෂියා එම්පෝ­රි­යම් වෙතින් උත්සව සම­යට වට්ටම් රැසක් | දිනමිණ

ලිට්ල් ඒෂියා එම්පෝ­රි­යම් වෙතින් උත්සව සම­යට වට්ටම් රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිමි ඇඳුම් විලාසිතාගාරයක් වන ලිට්ල් ඒෂියා එම්පෝරියම් සමාගම උත්සව සමය වර්ණවත් කරමින් සිය ළබැඳි ගනුදෙනුකාර භවතුන්ට අගනා වට්ටම් රැසක් පිරිනමයි.

අලුත්ම විලාසිතාවලින් හැඩ වුණ මංගල සාරි සහ මධුසමයට අදාළ සාරි සඳහා ජනවාරි 15 දක්වා විශේෂ වට්ටම් සහ සල්වාර් සඳහා 30% ක අගනා වට්ටමක් හිමි වේ. මේ සියලු වට්ටම් වැල්ලවත්තේ සහ පිටකොටුවේ පිහිටි ලිට්ල් ඒෂියා එම්පෝරියම් ප්‍රදර්ශනාගාරවලින් ලැබිය හැකිය. බස්නාහිර පළාත් සභාව සංවිධානය කළ ෆ්ලේම් සම්මාන උළෙලේදී නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ මෝස්තරකරණය කරන ලද සාරි අංශයේ ව්‍යවසාය සම්මානයයෙන් පිදුම් ලැබූ ලිට්ල් ඒෂියා එම්පෝරියම් සමාගම ගුණාත්මකභාවයෙන් උසස් සහ ආකර්ෂණීයභාවයෙන් ඉහළ සාරි ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා බෙදා හැරිමේ ප්‍රමුඛයෙක් වේ. තම ආර්ථික මට්ටමට සහ අවශ්‍යතාවට ගැළපෙන පරිදි ඉහළ ප්‍රමිතියෙන් යුත් සාරි වර්ග රැසක් තෝරා ගැනීමට අවස්ථාව ලිට්ල් ඒෂියා එම්පෝරියම් සමාගමෙන් හිමි වෙයි.

ශ්‍රී ලංකාවේ කිසිම විලාසිතාගාරයකට නොදෙවැනි විවිධ වර්ගයේ අලංකාර සාරි රැසකින් සහ විවිධ විලාසිතාවලින් සමන්විත ඇඳුම් පැළඳුම්වලින් ලිට්ල් ඒෂියා එම්පෝරියම් ප්‍රදර්ශනාගාර පරිපූර්ණය. මනා ඉඩ පහසුකම්වලින් සහ ආකර්ෂණීය නිමාවෙන් සමන්විත ලිට්ල් ඒෂියා එම්පෝරියම් ප්‍රදර්ශනාගාර බොහෝ දෙනාගේ නිසැක තේරීම බවට පත් වී ඇත. 1999 දී ආරම්භ කළ ලිට්ල් ඒෂියා එම්පෝරියම් සමාගම (www.littleasia.lk) කාන්තා, පිරිමි සහ ළමා යන සියලු දෙනාටම ගැළපෙන අගනා හැඩකාර විලාසිතා රැසක් බැංකොක් නුවරින් සහ චීනයෙන් ආනයනනය කරයි. සුහදශීලී ලිට්ල් ඒෂියා එම්පෝරියම් කාර්ය මණ්ඩලය සිය පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවයක් සපයන නිසා තම සිතැඟි පරිදි පහසුවෙන් විලාසිතා තෝරා ගැනීමට සියලු දෙනාට අවස්ථාව උදා වේ. 

නව අදහස දක්වන්න