හවු­ල්කා­රි­ත්වයේ නව යුග­යක් විවෘත කිරීම | දිනමිණ

හවු­ල්කා­රි­ත්වයේ නව යුග­යක් විවෘත කිරීම

ශ්‍රී ලංකා­වට මෙය සන්ධි­ස්ථාන ගිවි­සු­මකි. වසර 10කට අධික කාල­ය­කට පසු ශ්‍රී ලංකාව ඇති කර ගත් පළමු වෙළෙඳ ගිවි­සුම මෙය වේ. එසේම, මෙය, ශ්‍රී ලංකාවේ පළමු විස්තීර්ණ ගිවි­සු­මයි. එයින් අද­හස් කෙරෙන්නේ භාණ්ඩ වලින් ඔබ්බට ගිය පළමු ගිවි­සුම මෙය වන බවත් ඊට සේවා­වන්, ආයෝ­ජන සහ ආර්ථික සහ­යෝ­ගි­ත්වය ද ඇතු­ළත් බවයි.

ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරයන් අතර වෙළෙඳ ගිවිසුම් මුලික අර්ථික මුලෝපායකි වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමෙන් ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම දේශපාලනික සබඳතා තහවුරු කරගැනීමේ උපාය මාර්ගයක් බවටද වත්වෙයි. රජයේ පාර්ෂවය නියෝජනය කරමින් මේ පිළිබඳව මූලිකත්ව‍ය ගෙන කටයුතු කරන වත්මන් රජයේ උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම

විසින් පසුගියදා සිංගප්පූර් ශ්‍රි ලංකා වෙළෙඳ ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාව අමතම්න් පවත්වන ලද කතාව මෙසේය.

අද මෙම සංසදයේ තේමාව - ‘හවුල්කාරිත්වයේ නව යුගයක් විවෘත කිරීම’ ඉතාමත් සුදුසු සහ කාලෝචිත වේ. සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම මගින් ඇත්ත වශයෙන්ම අපගේ රටවල් දෙක සඳහාම නව යුගයක් විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාවට මෙය සන්ධිස්ථාන ගිවිසුමකි. වසර 10කට අධික කාලයකට පසු ශ්‍රී ලංකාව ඇති කර ගත් පළමු වෙළෙඳ ගිවිසුම මෙය වේ. එසේම, මෙය, ශ්‍රී ලංකාවේ පළමු විස්තීර්ණ ගිවිසුමයි. එයින් අදහස් කෙරෙන්නේ භාණ්ඩ වලින් ඔබ්බට ගිය පළමු ගිවිසුම මෙය වන බවත් ඊට සේවාවන්, ආයෝජන සහ ආර්ථික සහයෝගිත්වය ද ඇතුළත් බවයි. එමෙන්ම, අපගේ පළමු විස්තීර්ණ ගිවිසුම, සිංගප්පූරුව - වඩාත් විවෘතම සහ ලිහිල් සීමාවන් සහිත ආර්ථිකයක් මෙන්ම උසස් තත්ත්වයේ ආයතන සහිත රටක් ලෙස සැලකෙන එවැනි රටක් සමඟ ඇති කර ගැනීම, අපගේ රටට විශේෂයෙන් වැදගත් වන සන්ධිස්ථානයකි. එයින් ගම්‍ය වන්නේ, විවෘතභාවය සහිත යුගයක් ගෙන ඒම සඳහා අපගේ රජයේ ඇති කැප වීම මෙන්ම ඉන්දියන් සාගරයේ බලසම්පන්න ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වීමයි.

සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම, අපගේ වෙළෙඳ සම්බන්ධතා අලුත් කර ගැනීම සඳහා නැගෙනහිර දෙසට යොමු වීමේ පුළුල් උපායමාර්ගයක කොටසකි. අපගේ සාම්ප්‍රදායික වෙළෙඳ පොළවල් වන එක්සත් ජනපදය සහ යුරෝපය තිරසාරව පවත්වා ගෙන යෑම සහ වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර, අප, අපගේ වෙළෙඳ පොළ ආසියාව දෙසට විවිධාංගීකරණය ඇරඹීමෙන් ආසියානු සැපයුම් දාම හා සම්බන්ධ වීම කෙරෙහි ද අවධානය යොමු කරමින් සිටියි. මෙම නිදහස් වෙළඳ ගිවිසුම, අග්නිදිග ආසියානු රටක් සමඟ අප ඇති කර ගත් පළමු ගිවිසුම වේ - එය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කිරීම වෙත සහ විභව්‍ය වශයෙන් අනාගතයේදී කලාපීය ආර්ථික සහයෝගීතාවය - RCEP ආයතනයේ සමාජිකයකු වීමේ ද පළමු පියවරක් ලෙස දකින්නෙමු.

මෙම ගිවිසුම, පසුගිය වර්ෂයේ එළි දක්වන ලද නව ‘ජාතික වෙළඳ ප්‍රතිපත්තියෙහි‘ වැදගත් අංගයක් වන අතර සිදු කර ගෙන යන වෙළඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයන්ටද වැදගත් වේ. මෙය අනුපූරණය කරමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී රටක් බවට පත් කිරීම සඳහා දේශීය ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අපි කැප වී සිටින්නෙමු.

සිංගප්පූරු ව්‍යාපාරික ප්‍රජාවේ, අපව හමුවීමට පැමිණි මිතුරන්ගේ ප්‍රයෝජනය සඳහා දැනට ක්‍රියාත්මක වැදගත් මුලපිරීම් කීපයක් ගැන මම කරුණු දැක්වීමට අවස්ථාව ලබා ගන්නෙමි.

ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ, අපගේ රජය විසින් ආර්ථිකය නැවත හැඩ ගැස්වීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ, ගරුත්වයෙන් යුත් බලසම්පන්න ක්‍රියාකරුවකු කරවීම සඳහා, බොහෝ මූලාරම්භයන් ස්ථාපිත කොට ඇත.

ණය මගින් ගැම්මක් ලැබූ පොදු යටිතල පහසුකම් වලට වැය කිරීම් වල සිට වැඩි වශයෙන් පෞද්ගලික ව්‍යවසායන්, අපනයන සහ ඍජු විදේශීය ආයෝජන වලින් වර්ධනය ඇති කිරීම මත දැඩි ලෙස යැපුණු වර්ධන ආකෘතියක සිට ආර්ථික වර්ධන ආකෘතියකට මාරු වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

වර්තමානයේ රටෙහි ප්‍රධානතම ප්‍රමුඛත්වය වන්නේ විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම වන අතර අපගේ බොහොමයක් ප්‍රතිපත්ති මූලාරම්භයන් මේ අනුව සැකසී ඇත.

ආයෝජකයින්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි හැඩ ගැසීම දැන් ආයෝජන මණ්ඩලය විසින් සිදු කර ගෙන යනු ලබන අතර එහි මූලිකත්වය දරනුයේ ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රවීණතා වාර්තා සහිත පෞද්ගලික අංශ නායකයින් විසින්ය. විදේශීය ආයෝජකයින් වෙනුවෙන් අනුමැතිය ලබා දීමේ සහ පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය දැන් වඩාත් විධිමත් ලෙස සකසා ඇත්තේ, තීරණ ගැනීම වඩාත් ශීඝ්‍රව සහ වෙන කවදාටත් වඩා විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමෙන්ය.

එසේම, ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම කෙරෙහි ද අපි කැප වී සිටින්නෙමු. මී ළඟ වසර වන විට ඔබට එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකි වනු ඇත - ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, ඉඩම් සොයා ගැනීමේදී සහ දේපළ ලියාපදිංචි කිරීමේදී මෙන්ම, වඩා පහසුවෙන් ‘තනි ඉලෙක්ට්‍රොනික කවුළුවක්‘ හරහා සිදු වනු ඇත.

අපගේ පිහිටීමෙන් හැකිතාක් වාසි ලබා ගෙන වෙළඳ පොළ වෙත අපට ඇති ප්‍රවේශය ව්‍යාප්ත කිරීමට, වෙනත් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් කීපයක්ම අපි අත්සන් කරනු ඇත. සිංගප්පූරුව සමඟ ගිවිසුමට අමතරව අප ඉක්මනින්, ඉන්දියාව සහ චීනය සමඟ ද විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ගැන කටයුතු අවසන් කරනු ඇත. එසේම, මෑතකදී අප යුරෝපා සංගමය වෙත ජීඑස්පී ප්ලස් වෙළඳ සහන නැවත ලබා ගත් අතර එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සමඟ දැනට ක්‍රියාත්මක වෙළඳ සහ ආයෝජන රාමුගත ගිවිසුම් ද ඇත.

අපගේ වෙළඳ පොළ වෙත ඇති අනුග්‍රහපූර්වක ප්‍රවේශය තුළින්, ශ්‍රී ලංකාව තුළ ස්ථානගත වන ඕනෑම කෙනෙකුට ආසන්න වශයෙන් පුද්ගලයින් බිලියන 3කට ප්‍රවේශ විය හැකි වනු ඇත - අප, මීට හිමිකම් කිව හැකි, ලෝකයේ රටවල් කීපයෙන් එකක් විය හැකිය!

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය
මලික් සම­ර­වි­ක්‍රම 

අපගේ ඉතා විශිෂ්ට උපායමාර්ගික පිහිටීම සමඟ, චීනයේ බෙල්ට් සහ රෝඩ් ව්‍යාපෘති සඳහා ද අප ආකර්ෂණීය වී ඇත. රටේ දකුණෙහි නව සැපයුම් සහ කාර්මික කලාපය - හම්බන්තොට පිහිටි - චීන ආයෝජන තුළින් සංවර්ධනය කෙරෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වැඩි ආයෝජන උනන්දුවක් අපි බලාපොරොත්තු වෙමු. තායිලන්තයේ රෝජානා සමාගම සමඟ හවුලේ කලාපයක් ද ඇතුළුව තවත් කාර්මික කලාප තුනක් ස්ථාපිත කෙරෙමින් පවතියි. මෙම කලාප වල ආයෝජනය කිරීමට සහ මෙහි ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමට - දකුණු ආසියානු ප්‍රදේශ සහ ඉන් ඔබ්බට ප්‍රවේශ වන ලෙසට අපි, සිංගප්පූරු සමාගම් වලට ආරධානා කරන්නෙමු.

අපනයන සම්බන්ධයෙන්, ලබන මාසයේදී, තරඟකාරිත්වය සහ විවිධත්වය වෙත අවධානය යොමු කරමින් අපි ‘ජාතික අපනයන උපායමාර්ගයක්‘ ද දියත් කරන්නට බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවෙන් වැඩි වැඩියෙන් අපනයන සන්නාම බිහි කිරීම මෙහි ඉලක්කය වේ. උසස් වටිනාකමක් සහ උසස් තත්ත්වයක පරාසයන් තුළ, ආහාරපාන වල සිට විවේකය සඳහා බෝට්ටු දක්වා, තොරතුරු තාක්ෂණ සේවාවන් සහ ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩනැංවීම මීට ඇතුළත්ය. නව ජාතික ‘නවොත්පාදක සහ ව්‍යවසායක උපායමාර්ගයක්‘ ද ඉතා ඉක්මනින් දියත් කෙරෙනු ඇත. සිංගප්පූරුව කිරීමට සමත් වූවාක් මෙන්, මේ අංග සම්බන්ධයෙන් අවධානය යොමු නොකරමින්, අපට මධ්‍ය ආදායමක සිට උසස් ආදායමක් දක්වා ගමන් කළ නොහැකි බව අපි දන්නා කරුණකි.

වසර කීපයක් තිස්සේ සිංගප්පූරුව, ශ්‍රී ලංකාවේ වැදගත් හවුල්කරුවකු වශයෙන් ඉදිරියට පැමිණ ඇත. සිංගප්පූරු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම්, යටිතල පහසුකම් සංවර්ධනය, නාගරික නිර්මාණය, නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය සහ තාක්ෂණික පුහුණුව ආදියේ නිරතව සිටියි. අපගේ දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේදී සිංගප්පූරු ආයතන උපකාර කර ඇති අතර දැනටමත්, පරිපාලන කාර්යක්ෂමතාවය සහ ආදයම් එක් රැස් කිරීම සම්බන්ධයෙන්, ප්‍රතිඵල ප්‍රදර්ශනය කරමින් තිබේ. ද්වීපාර්ශවීය ආයෝජන සම්බන්ධක ඇති කර ගැනීමට උපකාර කිරීමට අප, ඉන්ටර්නැෂනල් එන්ටර්ප්‍රයිස් සිංගප්පෝ සමඟ සමීපව කටයුතු කරමින් සිටියි.

තව ද, ඉන්ටර්නැෂනල් එන්ටර්ප්‍රයිස් සිංගප්පෝ සහ ටෙමාසෙක් පදනම අපගේ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟින් කටයුතු කරමින් සිටින්නේ යහපත් පරිචයන් සලකුණු කිරීමට සහ අපනයනකරුවන් වෙනුවෙන් අපගේ සේවාවන් වැඩිදියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් වටිනා පාඩම් බෙදා දීම සඳහා ය. මේ අතර, බොහෝ සිංගප්පූරු සමාගම් වසර ගණනාවක් තිස්සේ සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඉටු කරමින් සිටියි.

අපගේ හවුල්කාරිත්වය නව උසස් ස්ථාන කරා ගෙන යෑමට කාලෝචිත අවස්ථාව මෙයයි.

 

නව අදහස දක්වන්න