කැස්බෑව තානායමේ ඉදිකිරීම් අතරමඟ | දිනමිණ

කැස්බෑව තානායමේ ඉදිකිරීම් අතරමඟ

කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

කැස්බෑව නගර සභාව සතුව තිබූ ප්‍රධානතම වත්කම වූ කැස්බෑවේ තානායම කඩා ඉවත්කර ඒ වෙනුවට එම භූමියේ නව තානායමක් ඉදිකිරීම සඳහා 2008 වසරේ අගෝස්තු මස 8 වැනි දින මුල්ගල තබා එවකට සිටි කැස්බෑව නගර සභාවේ පාලක පක්ෂය විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

නමුත් මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර 10කට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැස්බෑව නගර සභාවට නොහැකිවී ඇත. මේ නිසා දැනට අභාවයට යමින් පවතින එම ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසනයේ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.

එහිදී මේ පිළිබඳව නිරෝෂන් පාදුක්ක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් 2008 වසරේ කැස්බෑව නගර සභාවේ සිටි පාලකයන් විසින් කැස්බෑව නගර සතු තානායම කඩාදමා ඒ වෙනුවට නගර සභා පොදු අරමුදලින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් වැයකර එම භූමියේ නව තානායමක් ඉදිකිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කළ බවත් මේ වනවිට වසර 10කට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි කටයුතු අවසන් කිරීමට හිටපු සභාපතිවරුන් වන ලක්ෂ්මන් පෙරේරා සහ සුමන රණවිර යන මහත්වරුන්ට හෝ නගර සභාවේ වත්මන් ලේකම් තරංගා ගම්ලත් මහත්මියට නොහැකි වී ඇති බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න