JAT Holdings ව්‍යාපා­රික ලොව තම ආධි­ප­ත්‍යය රඳවයි | දිනමිණ

JAT Holdings ව්‍යාපා­රික ලොව තම ආධි­ප­ත්‍යය රඳවයි

2017 වසරේ දී 22 වැනි වරටත් පැවැත්වූ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයා ලෙසින් JAT Holdings කළමනාකාර අධ්‍යක්‍ෂ ඊලියන් ගුණවර්ධන ඇතුළු JAT Holdings ආයතනය ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2017 දෙසැම්බර් මස 11 වන දින ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (FCCISL) මගින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පවත්වන ලද සම්මාන ප්‍රදානොත්සවයේදී ද බස්නාහිර පළාතේ අතිරේක කාණ්ඩයේ රන් සම්මානය ද ලබා ගන්නා ලදී. තවද ඔහුගේ කැපී පෙනෙන ව්‍යාපාරික නිපුණතාව අගය කිරීමක් ලෙස LMD හි 2017 වර්ෂයේ ලාංකීය ව්‍යාපාරික ලෝකයෙහි හෙල්ලුම්කරුවන් වූ හොඳම ව්‍යාපාරිකයින් 23 දෙනා අතරටද ඊලියන් ගුණවර්ධන තේරී පත් වී ඇත.

ලොව විශාලතම තීන්ත ආලේපන නිෂ්පාදන සමාගම ෂර්වින් විලියම්ස්හි නිෂ්පාදනයක් වන සයර්ලාක් ජල ආශ්‍රිත දැව ආලේපන සඳහා ලොව අංක 1 බෙදා හරින්නා බවට පත්වීමෙන් හා දේශීය වෙළඳපල වෙත ජාල ආශ්‍රිත ආලේපන හඳුන්වාදීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කරමින් දශක දෙකක කාලයක් සඳහා අසමසම ගුනාත්මකභාවයකින් යුතුව පාරිභෝගික අවශ්‍යතා වෙත යොමු වීමට කටයුතු කරමින් ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, සග මාලදිවයින ආදී දකුණු ආසියානු ලෝක වෙළඳපල වෙත ද භාණ්ඩ අපනයනය කිරීම මගින් ඔවුන්ගේ සේවාවන් තව තව පුළුල් කරගනිමින් 2017 ඉතා සාර්ථක වසරක් බවට JAT Holdings පත්කරගෙන ඇත. 2017 වර්ෂයේදී JAT සමාගම විසින් දේපල සංවර්ධන කටයුතු හා තාක්ෂණික ක්ෂේත්‍රයන් හා යොමු වෙමින් වාණිජ කර්මාන්තයේ වෙළඳපල ප්‍රමුඛත්වයට පැමිණ ඇත.

තවද Access සමාගම් සමූහය සතු EuroMetallic සිවිලිම් අත්පත් කර ගැනීමත් සමග SEA Bauformat Kitchen වැනි ඉහල වෙළඳ නාමයන් ද හඳුන්වා දුන්නේ ය. මෑතකදී සමාගම විසින් ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් නිසල් ෆර්ඩිනැන්ඩො පත් කර ගන්නා ලදී. JAT Holdings හා එක්වීමට පෙර ඔහු Access Projects (Pvt) Ltd හි විධායක අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කර ඇති අතර ඉදිකිරීම් කර්මාන්තයේ අත්දැකීම් ද ලබා ඇත. තවද ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව අවුරුදු 35කත වඩා වැඩි අත්දැකීම් රාශියක් ඇති නන්දන වික්‍රමගේඋපාය මාර්ගික උපදේශකවරයෙකු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද පත්කරගන්නා ලදී.

 

නව අදහස දක්වන්න