ඝාතකයා එල්ලන්නැයි කොටදෙණියාවේ උද්ඝෝෂණ | දිනමිණ

ඝාතකයා එල්ලන්නැයි කොටදෙණියාවේ උද්ඝෝෂණ

අසංක බණ්ඩාර

ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

ඔවුන් ඉල්ලා සිටින්නේ දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්න ලෙසයි.

ඇය වෙනුවෙන් කථාකළ මාධ්‍යයට ස්තූතිය ප්‍රකාශ කරන බවද උද්ඝෝෂකයෝ කියති.

මේ අතර කොටදෙණියාව, සෙයා සදෙව්මි දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර මරණයට පත්කර ඇති බව හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇති බවයි.

රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇත.

ඝාතනය සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදුකරන බව ද සදහන්.

සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතරහමාරක් වයසැති මෙම දැරිය පසුගිය 11 වැනිදා රාත‍්‍රි නින්දට ගොස් ඇති අතර 12වන දා අලූයම සොයා බැලීමේදී ඇය ඇඳේ නොසිටි බව පොලිසියට පැමිණිලි කර ඇත.

අදහස් 2ක් ඇත

we dont need bla bla from the present gov, where is your law my friend Mr. Sirisena. implement shariya Law at least for the sake of this.

We kindly request the concerned authorities to act immediately to introduce capital punishment. It is indeed a need of this hour.

නව අදහස දක්වන්න