ජනපති දිව්රපු නිසා වැඩේ වෙයි | දිනමිණ

ජනපති දිව්රපු නිසා වැඩේ වෙයි

අසංක බණ්ඩාර

විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කරන බවට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ‍්‍රී දේහය ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රසිද්ධියේ දිව්රූ නිසා  රජය එම කාරණය ඉටුකරයි කියා තමාට සිතුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මුල් අදියරේදී විධායක ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් සිදුකොට ඉන් අනතුරුව ඉතිරි වෙනස්කම් සිදුකළ යුතු බව ද සදහන් කලේය.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව මුහුණ දෙන දහසකුත් එකක් ප‍්‍රශ්න යටගැසීමේ අරමුණෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාය, ව්‍යවස්ථාව වෙනස් කරනවාය කියා මහ සද්දයක් දමමින් සිටියද  එය සාර්ථක දෙයක් නොවන බවත් කී රාජපක්ෂ ආණ්ඩුවේ බොරු අහලම මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ යැයි පවසා සිටියේය.

මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ -

"විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන්න වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් ඒ ගැන මතයක් පළ කරලා ඉවරයි.

අනෙක් අතට රටේ ඒකීයභාවයට හෝ බුදුදහමට තියෙන ප‍්‍රමුඛත්වයට කිසිදු වෙනසක් නොකරන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වෙලා තියෙනවා.

එනම් ජනමත විචාරණයක් නැතුව වෙනස් කරන්න බැරි ඒ සුවිශේෂී වගන්ති එකොළහ අතරින් ජනමත විචාරණයක් පවත්වන්න වෙන්නේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න විතරයි.

ඉතින් මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාදාමය අදියර දෙකකට කැඩීමෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වන කාරණා මුලින්ම ගෙනල්ලා ඉතුරු ටික පස්සෙ සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් වෙනස් කරන්න පුලුවන්.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය වත්මන් ආණ්ඩුව අවංකව සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබේ.

එමෙන්ම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පවතින ව්‍යවස්ථාවේ ඇති ක්‍රියාත්මක කිරීමට නොහැකි වගන්ති ඉවත් කළ යුතුයි.

බලතල බෙදීමේ දී පළාත් පාළන ආයතන වැනි බිම් මට්ටමේ ආයතන හැකිතාක් දුරට බලාත්මක කරන්න ඕන.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අදියර කිහිපයක් යටතේ සිදුකරන අතර තුර එක් එක් අදියර සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ හැකියාව තිබිය යුතුය. 

 

 

අදහස් 1ක් ඇත

look who is talking. This is the same person who promised twice to scrap executive presidency but what he did was totally different to the promise. We remember how did all members of the parliament were forced to vote for 18th amendment which would have made way for unlimited Rajapakshe dynasty. But thanks to intelligent people of Srilanka that effort has been defeated.

නව අදහස දක්වන්න