33,000ට අඩු නම් ප්‍රශ්නයක් නෑ | දිනමිණ

33,000ට අඩු නම් ප්‍රශ්නයක් නෑ

දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බව වෙළෙද සංගම් විසින් දැනුවත් කර ඇති බවත්, ඊට විසඳුමක් වශයෙන් වැට් නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔවුන් වැට් බදු ගෙව්වා සේ සලකා කටයුතු කිරීමට Deem Vat ගෙවීමක් රජය විසින් සිදුකරනු ලබන බවත් හෙතෙම එහිදී කිවේය.

එය ඉන්පසු ජාලයට  එක් වූ පසු වැට් නැවත අයකිරීම සම්බන්ධ ගැටළු මඟ හැරෙන බව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.

ශ්‍රී ලංකාවේ දැනට බදු ගෙවන ෆයිල් ඇත්තේ 48,000 ක් පමණක් බවත් මෙය ලැජ්ජා විය යුතු කාරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය.

 

නව අදහස දක්වන්න