සිසුවියන් දෙදෙනෙකු කහ ඉර මත අනතුරක | දිනමිණ

සිසුවියන් දෙදෙනෙකු කහ ඉර මත අනතුරක

හබරාදුව නගරයේ මහා මාර්ගයේ කහඉර මතදි අද උදෑසන ගඩොල් පටවා ගත් ලොරි රථයක ගැටී පහළොස් හැවිරිදි උපකාරක පන්ති යමින් සිටි සිසුවියන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබ කරාපිටිය රෝහලට ඇතුල්කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

අහංගම කතලුවේ පදිංචි මෙම සිසුවියන් දෙදෙනා හබරාදුවේ උපකාරක පන්තියකට යෑමට බස් රථයෙන් ගොස් ඇත.

හබරාදුව නගරයේදී බස් රථයෙන් බැසගත් සිසුවියන් දෙදෙනා ගාල්ල මාතර මහා මාර්ගය හරහා ඇති කහඉර මතින් පාර මාරු වෙමින් සිටින විට ගඩොල් පටවා ගෙන ගාල්ල දෙසට යමින් තිබූ ලොරි රථයේ හැපි ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදි හෙලිවි තිබේ.

හබරාදුව පොලිසිය විසින් අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.

(දකුණු පළාත් සංචාරක - එස් දීයගහගේ)

 

අදහස් 1ක් ඇත

Kaha irata meetar 1000kata pere , wegaya seema / palanaya kala yuthuyi ... ( kaha irata meter 1000ta pera wegaya peyakata sethapum 20kata seema kala yuthuyi ... ) menna meka karakala balanna ... " ape daru deriyange saha apage jeewitha kalaya deerga karaida kiyala "

නව අදහස දක්වන්න