අද රාත්‍රීයේ සිට වියළි කාලගුණයේ වෙනසක් | දිනමිණ

අද රාත්‍රීයේ සිට වියළි කාලගුණයේ වෙනසක්

දැනට පවතින වියළි කාලගුණයේ සුළු වෙනසක් අද රාත්‍රීයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව ය.

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ)තද සුළං, බලාපොරොත්තු විය හැක .

පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද රාත්‍රියේ සිට,ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අපේක්ෂා කල හැක.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ. අනෙකුත් පළාත්වල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්පවතී.

මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී.60 දක්වා වැඩි වීමට ඉඩ ඇති අතර  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ යැයි අපේක්ෂා කෙරේ.

කන්කසන්තුරය  සිට ත්‍රිකුණාමලය  හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සිහින් වැසි ඇතිවේ.

සෙසු මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.30-40 ක් පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.50-60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

නව අදහස දක්වන්න