විද්‍යා ඝාතන නඩුව - දින 06ක් විභාගයට | දිනමිණ

විද්‍යා ඝාතන නඩුව - දින 06ක් විභාගයට

යාපනය,කයිට්ස් පුන්කුඩිතිව් ප‍්‍රදේශයේදි සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විතියාගේ ඝාතන නඩුව නීතිපති උපදෙස් මත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදි අද විභාගයට ගෙන තිබේ.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සෂි මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් හා ත‍්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් පේ‍්‍රම්ශංකර් යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් ඉදිරියේ නඩුව විභාගයට ගැනිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වන විත්තිකරුවන් නඩු විභාගය වෙනුවෙන් පැමිණි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥයින් පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබිණ.

විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ ජුනි මස 28,29 හා 30 වැනිදා දිනයන්හිදි නඩු විභාගය නැවත කැඳවන බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්  09 ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ට එරෙහිව කරුණු 41ක් ඇතුළත් අධි චෝදනා ගොනු කර ඇති බව වාර්තාවේ.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 37 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඔවුන් සියලුදෙනා මෙම නඩු වාර 06 සඳහා පැමිණිය යුතු බව අධිකරණය ප්‍රකාශකර තිබේ.

එමෙන්ම අද පැවති නඩුවේදි පැමිණිලි පාර්ශවයේ සොලිස්ටර් ජෙනරාල් විසින් සාක්ෂිකරුවන් 37දෙනා විසින් ලබා දුන්  කටඋත්තර ඇතුළත් වාර්තාවක් විනිසුරු මඩුල්ලවෙත ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ.

2015 මැයි මස 13 වැනිදා යාපනය පුන්කුඩිතිව් 09 වන පටු මග ප‍්‍රදේශයේදි පාසල් පැමිණෙමින් සිටි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබිණ.

නව අදහස දක්වන්න