ආණ්ඩුව මැයි 8 ඉවර කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍යයි | දිනමිණ

ආණ්ඩුව මැයි 8 ඉවර කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍යයි

 

 * පදනම් විරහිත ජනතාව නොමඟ යවනසුලු පුවතක්
 * සැසිවාර අාරම්භ ෙය් රාජ්‍ය නායක කතාව සාම්ප්‍රදායක් පමණයි

පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වන දා රාජාසන කතාව අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමකදී එය පරාජය වීමෙන් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට සමහර ජනමාධ්‍යයන්හි පළවූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය, පදනම් විරහිත සහ නොමඟ යවන සුලු ඒවා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නව සැසිවාරය 2018 මැයි 08 වන දින කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී රාජ්‍ය නායකයා විසින් රාජාසන කතාවක් පැවැත්වීම වර්තමානයෙහි සම්ප්‍රදායයක් පමණකි. එම රාජසන කතාව පිළිබඳ විවාදය ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම කෙරෙහි කිසිසේත් බලපාන්නේ නැති බවද ඒ මහතා කියයි.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය අවසානයේ අවශ්‍ය නම් ඡන්දයක්‌ ඉල්ලා සිටිය හැකි අතර ඒ අනුව විපක්‍ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටීමට නියමිත බවත්, එහිදී එම රාජාසන කතාව පිළිබඳව පැවැත්වෙන ඡන්ද විමසීමේදී රජය පරාජය වුවහොත් අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු අතර නව අගමැතිවරයකු හා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමට සිදුවන බවත්, රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති අවුරුදු හතර හමාරේ සීමාව අහෝසි වන බවත් සඳහන් වර්තා සමහර ජනමාධ්‍ය විසින් පළ කර තිබිණි. එම වාර්තා සාවද්‍ය සහ පදනම් විරහිත මෙන්ම මහජනයා නොමග යවන සුලු ඒවා වෙයි.

පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී රාජ්‍ය නායකයා විසින් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නකි. වර්තමානයෙහි ක්‍රියාත්මක වන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජාසන කතාවක් පිළිබඳ ප්‍රතිපාදන අඩංගුව නොමැත. 

 

අදහස් 1ක් ඇත

If some media institutions are misleading the public, why can't govt take actions against them? We see this trend regularly and no one seems to be care. This is the problem of this Govt.

නව අදහස දක්වන්න