ලංකා බැංකුවේ Little Picasso 2018 චිත්‍ර තරගයට අදම එකතු වී වටිනා ත්‍යාග දිනාගන්න | දිනමිණ

ලංකා බැංකුවේ Little Picasso 2018 චිත්‍ර තරගයට අදම එකතු වී වටිනා ත්‍යාග දිනාගන්න

සිය 79 වන සංවත්සර සැමරුමට සමගාමීව පාසල් සිසුන් අතර ර්‍ණඛසඑඑකැ ඡසජ්ිද 2018” නමින් චිත්‍ර තරගයක් පවත්වා ළමයින්ගේ දක්ෂතා සඳහා වටිනා ත්‍යාග ප්‍රදානය කිරීමට ලංකා බැංකුව යළිත් සූදානම් වෙයි. දරුවන්ගේ දක්ෂතාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පමණක් නොව එවන් දක්ෂතා ඔප්නංවන පාසල් සඳහා ද බැංකුව ත්‍යාග ලබාදෙන අතර එම පාසල්වල ලංකා බැංකු සංසද -ඉතිරිකිරීමේ ඒකකයක් පවත්වාගෙන යන්නේ නම් ලැබෙන ත්‍යාග වටිනාකමින් තවත් ඉහළ යනු ඇත. මෙම සමස්ත වැඩසටහනෙහි විනිවිදභාවය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා මෙම චිත්‍ර තරගය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පවත්වනු ලැබේ.

ඛසඑඑකැ ඡසජ්ිද 2018 චිත්‍ර තරඟය කාණ්ඩ හයකින් පැවැත්වේ. කාණ්ඩය ෂ පෙර පාසල් දරුවන් සඳහාද කාණ්ඩය ෂෂ පළමුවන ශ්‍රේණියේ සිට 2 ශ්‍රේණිය දක්වා ද කාණ්ඩය ෂෂෂ 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ද කාණ්ඩය ෂඪ 6 සිට 8 ශ්‍රේණිය දක්වා කාණ්ඩ ඪ 9 සිට 11 දක්වා ද අවසාන වශයෙන් කාණ්ඩ ඪෂ 12 සහ 13 ශ්‍රේණිවල ද පාසල් ළමයින් සඳහා ද වේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන චිත්‍ර ඇගයීමේ විනිසුරු මඩුල්ලක් විසින් සිසුන්ගේ නිර්මාණශීලීභාවය සහ ඉදිරිපත් කිරීම පදනම් කරගෙන මෙම සෑම කාණ්ඩයකින්ම ජාතික මට්ටමෙන් 1 වන 2වන හා 3 වන ජයග්‍රාහකයන්ද ජාතික මට්ටමේ කුසලතා සහතික ජයග්‍රාහකයන් 10 දෙනකු ද තෝරා ගැනේ. මෙම ජාතික මට්ටමේ ජයග්‍රාහකයන්ට අමතරව සෑම කාණ්ඩයකම ප්‍රධාන පළාත් ජයග්‍රාහකයන් තිදෙනෙක්ද කුසලතා සම්මාන ජයග්‍රාහකයන් 10 දෙනෙක්ද තෝරා ගැනේ. අදාළ පළාත්/කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පත් කරන චිත්‍ර ඇගයීමේ විනිසුරු මඩුල්ලක් විසින් මෙම ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ.

ජාතික මට්ටමෙන් 1 වන ස්ථානය සඳහා රු. 100, 000/- ක් ද රන් පදක්කමක් සහ සහතිකයක්ද 2 වන ස්ථානය සඳහා රු. 75, 000/- ක් රී දී පදක්කමක් සහ සහතිකයක්ද ලැබෙන අතර ජාතික මට්ටමේ 3 වන ස්ථානය සඳහා රු. 50, 000/- ක් ලෝකඩ පදක්කමක් සහ සහතිකයක්ද ලැබේ. මෙම ජාතික මට්ටමේ ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ගේ පාසල්වලට 1 වන, 2 වන හා 3 වන ස්ථාන සඳහා පිළිවෙලින් රු. 25, 000/-, රු. 15, 000/- සහ රු. 10, 000/- බැගින් ලැබේ. පළාත් මට්ටමෙන් 1වන, 2 වන හා 3 වන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන් සඳහා පිළිවෙලින් රු. 25, 000/-, රු. 15, 000/- සහ රු. 10, 000/- බැගින් ලැබෙන අතර පළාත් කුසලතා සහතික ජයග්‍රහණය කළ සෑම ජයග්‍රාහකයකුටම සහතිකයක් සමඟ රු. 2, 500/- බැගින් ලැබේ. පළාත් 1 වන ස්ථානයට අදාළ පාසලට රු. 12, 500/- ක් ද මෙම ජයග්‍රාහකයා බිහි කළ පාසලෙහි ලංකා බැංකු පාසල් සංසදයක් තිබේ නම් මෙම මුදල් ත්‍යාගය තවත් රුපියල් 10, 000/- කින් වැඩි වේ. ඔක්තෝබර් මාසයේ තෝරාගත් දිනයක දී සහ ස්ථානයක දී බැංකුව මෙම ජයග්‍රාහකයන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන අතර ඉන් අනතුරුව ජාතික මට්ටමේ ර්‍ණඊධක්‍ ඛසඑඑකැ ඡසජ්ිද 2018” සම්මාන ප්‍රදාන උළෙල පැවැත්වේ.

“රු. 400/- ක වැනි සුළු මුදලකින් ඕනෑම ලංකා බැංකු ශාඛාවක දී රන් කැකුළු ගිණුමක් අරඹා මෙම තරගයට ප්‍රවේශ වීමේ අවශ්‍යතාව සපුරාලමින් දෙමාපියන් විසින් මෙම දරුවන්ගේ දක්ෂතා දිරිමත් කරනු ඇතැයි බැංකුව අවංකව අපේක්ෂා කරයි. ලංකා බැංකුවේ 79 වන සංවත්සරයට වෙනුවෙන් තම වටිනා දරුවන්ගේ අනාගතය සඳහා ලංකා බැංකුව සමඟ ගොඩනගා ගන්නා සුරක්ෂිත මූල්‍ය සම්බන්ධතාවය වෙනුවෙන් බැංකුව තවත් රු 100/- ක් එම ගිණුමට එක් කර එම මුදල රු. 500/- ක් දක්වා ඉහළ නංවනු ඇත” යැයි නියෝජ්‍ය මහා කළමනාකරු විකුණුම් හා හැසිරවුම් කළමනාකරණ සී.අමරසිංහ මහතා සඳහන් කළේය.

සිතීමේ නිදහස් ලබාදුන් විට සිසුන් වඩාත් නිර්මාණශීලී වේ යැයි යන විශ්වාසයෙන් යුතුව තමන්ට උද්දීපනයක් ලැබෙන ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍ර ඇඳීමේ නිදහස ළමයින්ට ලබාදෙනු ලැබේ. මෙම චිත්‍ර තරගය සැමට සාධාරණ එකක් කරනු පිණිස තරගය සඳහා එක් චිත්‍රයක් පමණක් ඉදිරිපත් කරන මෙන් තරගකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඇල්ලීමේ දී අතෙහි නොතැවරෙන සහ බොඳ නොවන ඕනෑම මාධ්‍යයක් (පැස්ටල්, දියසායම්, ආදී වර්ණ) භාවිත කරමින් කඩදාසිය වටා තීරයක් ඉතිරි නොකර 18, X14, සුදු මැට් ඩ්‍රෝවින් කඩදාසියක තම චිත්‍ර ඉදිරිපත් කරන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. චිත්‍රයෙහි ගුණාත්මකභාවය පවත්වා ගනු පිණිස ඔබේ නිර්මාණ නැවීම හෝ රෝල් කිරීම නොකරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

පාසල් විදුහල්පතිගේ සහ බැංකු නිලධාරිගේ සහතික කිරීම සහිතව චිත්‍රයේ පසුපිටෙහි ආදර්ශ අයදුම්පතට සමාන අයදුම්පතක් ඇලවිය යුතුය. 2018 ජූලි 15 වන දින හෝ ඊට පෙර මෙම චිත්‍ර ළගම ඇති ලංකා බැංකු ශාඛාවට බාරදිය හැකිය. මෙම තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට තම ආසන්නතම ලංකා බැංකු ශාඛාව වෙත යාමට, බැංකුවේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමට, පුවත්පත් මගින් හෝ 0112204444 දුරකතන අංකයෙන් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් එම තොරතුරු ලබා ගැනීමට පුළුවන.

නව අදහස දක්වන්න