ලක්ෂ 45ක වියදමින් හල්දුම්මුල්ලට විදුලි වැටක් | දිනමිණ

ලක්ෂ 45ක වියදමින් හල්දුම්මුල්ලට විදුලි වැටක්

හල්දුම්මුල්ල සහ ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පැමිණෙන වන අලි උවදුර සඳහා විදුලි වැටක් ඉදි කිරීම වෙනුවෙන් ගොවි සංවිධාන සමඟ ගිවිසුම් අස්සන් කිරීම රන්ටැඹේ වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයේ දී මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ ඩී. එම්. වීරසිංහ මහතා ඉදිරියේ දී සිදු කරන ලදී.

මේ අලිවැට ඉදි කිරීම සඳහා මාළදොල, ඌව කොස්ගම, කුඹල්ගම යන ගොවි සංවිධාන සමග ගිවිසුම් අස්සන් කළ අතර සමනල වැව සිට -ඌව කොස්ගම,මාළදොල, පතහ දෙමුවාවත ද ක්වා කි.මී.10ක් දුරට මේ විදුලි වැට ඉදි කරනු ඇත. ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 45කි.

හල්දුම්මුල්ල සමූහ සිරිල් සෙනෙවිරත්න

නව අදහස දක්වන්න