DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පා­ව­ලට | දිනමිණ

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පා­ව­ලට

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

 

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේ දී DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරිණි. එප්පාවල, තලාව පාරේ, අංක 137 දරන ස්ථානයේ දී මෙලෙස DFCC බැංකුවේ 139 වැනි ශාඛාව විවෘත කළේය.

දැනට වසර කිහිපයකට පෙර එප්පාවල තැපැල් කාර්යාලයේ DFCC බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් එප්පාවල නගරයේ ජනතාව වෙනුවෙන් සිය සේවාවන් තවත් පුළුල්ව ලබාදීමේ අරමුණින් නව ශාඛාව එප්පාවල නගරයේ විවෘත කෙරිණි. අනතුරුව DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නව බැංකුවේ මංගල තැන්පතු භාර ගැනීම, ළමා ගිණුම් ආරම්භ කිරීම, කල්බදු පහසුකම් ලබාදීම හා ණය කාඩ්පත් නිකුත් කිරීම සිදු කෙරිණි.

මේ අවස්ථාවට DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අචින්ත හේමනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ශාඛා හා මාධ්‍ය) අලහකෝන්, ප්‍රාදේශීය කළමනාකාර කන්දයියා ජෙගරාජා, උප සභාපති (සේවා හා ප්‍රසම්පාදන) ගාමින්ද ප්‍රනාන්දු, සහකාර උප සභාපති දුමින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු DFCC බැංකු නිලධාරීන්, එප්පාවල නගරයේ ව්‍යාපාරිකයන් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය - අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න